"හොරු අල්ලන එක ආණ්ඩුවේ ඇමතිවරුන්ට හරි මන්ත්‍රීවරුන්ට ,ජනාධිපතිට කරන්න බෑ, හොරු ඇල්ලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රටේ ස්ථාපිත ආයතන තියෙනවා, ඒ ආයතන එක්ක සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක ඒ දේවල් යහපත් විදිහට සිද්ධ වෙනවා කියලා අපි හිතනව.ඒවා ආණ්ඩුවේ බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු සිදු වෙනවා"යැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා පැවසීය.
ඉපලෝගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපලය ඉතාම විශිෂ්ඨ අන්දමින් ඇති කියලා අපි හිතනවා, ගිය සැරෙත් විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුලේ 80% කට වැඩි ප්‍රතිශතයකින් අපි තැපැල් ඡන්දය ජයග්‍රහණය කළා. මෙවර පළාත් පාලන මැතිවරණයේදී 90% ක් 95 % ක් ලඟට ඇවිත් ඇති කියලා අපි හිතනවා.එහෙම හිතන්නේ රාජ්‍යය සේවකයෝ මේ වන විට ඉන්නේ ඉතාමත් තෘප්තිමත් විදිහට ඉන්නේ.
මොකද අප්‍රේල් මාසයේ වැටුප ගද්දී ඔවුන් අපේ අය-වැය යෝජනා එක්ක වැටුප වැඩි කරලා, මූලික වැටුප වැඩි කරපු වැටුපක් ඔවුන් අතට ගත්තා, ඒ නිසා රාජ්‍යය සේවකයන්ගේ ප්‍රශ්න බොහෝ දුරට සමනය කරන්න අපි ඒ හරහා සමත් වුණා, ඒ නිසා රාජ්‍යය සේවකයෝ ඉතාම තෘප්තිමත්ව ඉන්න නිසා ජාතික ජන බලවේග ආණ්ඩුව සම්බන්ධයෙන් ඉහළම විශ්වාසයක් තියෙන නිසා තැපැල් ඡන්ද ප්‍රථිපලය ඉතා විශිෂ්ඨ ප්‍රථිපලයක් ගනියි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා, තොරතුරුත් අපිට ආයතන මට්ටමින් ලැබිලා තියෙනවා.
ජාතික ජන බලවේගයට බලය හිමි නොවන පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කරන්නේ නෑ කියන අදහසක් නෙමෙයි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ, ජනාධිපතිතුමන්ගේ සිට අගමැති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඇතුළු අපේ පිරිස අපි වියදම් අවම වන විදිහට තමයි රාජ්‍යය පාලනය කරගෙන යන්නේ දූෂණයෙන් වංචාවෙන් තොරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව පවා කප්පාදු කරමින් මේ වන විට වැඩ කටයුතු කර ගෙන යන්නේ ඒ නිසා මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා සහ මිනිසුන්ට යහපත් සේවයක් සපයා ගැනීම සඳහා අනිවාර්යෙන් මාලිමාවේ ප්‍රාදේශීය සභාවක් හදන්න ඔ්න කියන අදහස සහිතව, වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කලොත් ආණ්ඩුව සහ ජනතාව බලාපොරොත්තු වෙන ඉලක්කය කරා ලං වෙන්න බැරි වෙයි කියන අදහසයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.
විපක්ෂය මේ ආණ්ඩුව කිසිවක් කරන්නේ නෑ කියන ප්‍රකාශය සාවද්‍යයි, හරියට බැලුවොත් අපි වැඩ නොකර තියෙන්නේ මොන ක්ෂ්රේත්රයටද කියලයි අහන්න තියෙන්නේ.හොරු අල්ලන එක සහ ඒ සියලු කටයුතු හොඳම විදිහට සිද්ධ වෙනවා.හොරු අල්ලන එක ආණ්ඩුවේ ඇමතිවරුන්ට හරි මන්ත්‍රීවරුන්ට ,ජනාධිපතිට කරන්න බෑ, හොරු ඇල්ලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රටේ ස්ථාපිත ආයතන තියෙනවා, ඒ ආයතන එක්ක සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක ඒ දේවල් යහපත් විදිහට සිද්ධ වෙනවා කියලා අපි හිතනව.ඒවා ආණ්ඩුවේ බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු සිදු වෙනවා" යැයි පැවසීය.