saravita-anim2

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා

Latest News - timelapse 13 hours ago

LATEST

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන

calendar_today 2025 අගෝ 30 - 14:48 remove_red_eye - 39  

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාල ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී

මහ මඟ වැටී තිබී අහුලා ගත් අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි මුදල් පසුම්බියක් දින හතරක් තිස්සේ උපක්‍රමශීලීව හිමිකරු සොයාගෙන ගොස් අයිතිකරුට භාර දුන් අපූරු රියදුරෙක් පිළිබඳව තොරතුරක් 30 දින උදෑසන දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා විය’

Read More

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දුව 08/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ආදී ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස දෙස්විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සුවපහසු නිවාඩු නිකේතන ලෙස සංවර්ධනය කිරීමට ආයෝජනය කරන ලෙස මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් නුදුරේදීම ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කළේය.

Read More

ලකුණු 299ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 291/8 සීමා කිරීමට සමත්වු ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගෙයන් ලකුණු 7ක ජයක් වාර්තා කළේය.

Read More

අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) එක්ව සංවිධානය කරන ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට දින (8/30) කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

විශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5000 ත් 7000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂා කර බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ජනිත් ලියනගේ 70* (පන්දු 47) හා කමිඳු මෙන්ඩිස් 57 (පන්දු 36) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77කදී ගොඩ නැගූ ලකුණු 137ක වේගවත් සබඳතාවත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 299ක දැවැන්ත ඉල්කයක් ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

අරගලකරුවන් විසින් හානි කළ තම දේශපාලන කාර්යාලය වෙනුවෙන් වන්දි මුදල් ලබාගෙන දූෂණය නමැති වරද කර ඇති බවට වූ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.

Read More

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ලබන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Read More

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29දා) නියෝග කළේය.

Read More

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඒම රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ

Read More

නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කල සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු 9/10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

Read More

1946-47 අළු බඳුන තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 286,700 / රුපියල් ලක්ෂ 860කට) මිලදී ගෙන ඇත.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිනිස් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ වෙත සැකකරු පිලිබද නිසි කරුණු ඉදිරිපත් නොකරමින් සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් හැටන් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින්ට එරෙහිව විමර්ශණයක් ආරම්භ කරන බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය.

Read More

කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

Read More

කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළාය.

Read More

තුන්පත් රෑනක වන අලි රංචුවක් සමගින් සද්දන්ත තනි අලියකු ද දැනට සති දෙකක පමණ කාලයක් තිස්සේ මාතලේ යටවත්ත ප්‍රාදේශයේ ගම්මුල්ල,දිවිල්ල ආදි ප්‍රදේශවලට මේ දිනවල සැරිසාරිම නිසා බෝග වගාවන් විනාශයට පත් කරන බවත් ජන ජිවිතයටද බලපැම් එල්ල වි ඇති බව ගම්වාසිහු කියයි.

Read More

මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කල බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමග පුත්තලම කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු 28 දින අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.

Read More

බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී 2025.08.21 වන දිනපුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබිණි.

Read More

උදෑසන පාසල් සහ කාර්යාල වේලාවේ බර වාහන ධාවනය සීමා කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලීසිය එක්ව මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවද වාර්තාවේ.

Read More

ඇතැම් ප්‍රදේශවල දේශීය ආර්තාපල් කිලෝවක ගැනුම් මිල රු.200දක්වා පහත වැටීම හා මිලදී ගන්නා ප්‍රමාණය සීමා කිරීම නිසා අර්තාපල් ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

Read More

නිෂ්පාදන වියදම් ඉහළ යෑම නිසා ‘අද’ පුවත්පත අදින් පසුව මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් නොවන බව දැනුම් දෙමු. මින් ඉදිරියට ‘අද’ පුවත්පතේ පළ වූ පුවත් සහ විශේෂාංග www.ada.lk වෙබ්අඩවිය ඔස්සේ පාඨක ඔබට සමීප වනු ඇත. අද පුවත්පත සමග මෙතෙක් කාලයක් රැඳී සිටි පාඨක ඔබට අපගේ කෘතඥතාව පළ කරමු.

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට අද (28) දැනුම් දුන්නේය.

Read More

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50ක් පමණ තුවාල ලබා ඇත.

Read More

මේ දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.