හැටන් ඔයේ ගසාගෙන ගිය ලොරිය හමුවෙයි
- 10 11 2026
- 14:23
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලීමෙන් සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය හැටන්ඔයේ ගසක සිරවී තිබියදී එම ලොරි රථයේ අයිතිකරු විසින් (10) දින අලුයම සොයාගෙන ඇත.
හැටන් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග හැටන්ඔය ගලා බසිනා හැටන් රොතැස් ප්රදේශයේ ගාල් කර තිබූ ලොරි රථයක් (09) දින පස්වරු 5:00ට පමණ සැඩ පහරට ගසාගෙන ගොස් ඇත.
හැටන්ඔය පිටාර ගැලිමෙන් රොතැස් ප්රදේශයේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් පමණ ජලයෙන් යට වූ බව පීඩාවට පත් රොතැස් ප්රදේශයේ ජනතාව කියා සිටියහ.







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
