විහාරස්ථානයක් කඩා අටපිරිකර 28ක් සොරකම් කරලා
හල්දුම්මුල්ල හාල්අටුතැන්න ශ්රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයට අද 08 දින දිවා කාලයේ ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් අටපිරිකර 28 ක් සහ රුපියල් 43000/=ක මුදලක් සොරකම් කර පලා ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා දානමය පින්කමක් සඳහා විහාරස්ථානයෙන් බැහැරව වැඩම කර සිටි අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයේ නොසිටි අවස්ථාවෙන් ප්රයෝජන ගනිමින් සොරුන් කණ්ඩායම මෙම සොරකම සිදුකර ඇති බවට සැක කෙරේ.මෙ දින දහම් පාසලද පැවැති අතර දහම් පාසල් ද ඇරී දරුවන් පිටව ගොස් ඇති අවස්ථාවේදී මෙම සොරකම සිදුකර තිබේ.
මේ වනවිට සොරුන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් හඳුනාගෙන ඇති බව ද සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි වන බවද හල්ලුම්මුල්ල පොලිස් ස්ථානාධිපති අශෝක ඉඳුනිල් රත්නායක මහතා පැවසීය. හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
