saravita-anim2

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 9 hours ago

LATEST

​ඉන්දු පාකිස්තාන තරගයේ ආරක්ෂාවට පොලීසියේ 2000ක්

calendar_today 2026 පෙබ 15 - 11:11 remove_red_eye - 80  

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් පමණ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි. එසේම රථවානහ පාලනය වෙනුවෙන් පොලිස් නිලධාරින් 600ක් පමණ යොදවා තිබේ.

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තිරණාත්මක තරගය හෙට පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. මෙම තරගයට අදළ ප්‍ර වේශ පත්‍ර සියල්ලද මේ වන විට විකිණී අවසන් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

2026.02.14 දින රාත්‍රී වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී බාබර් සාප්පුවක් (සැලූන්) තුල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදු කල වෙඩි තැබීමක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබියදී ඉන් එක් අයෙකු මියගොස් තිබුණි.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන වඩාත් උණුසුම්ව තරගයක් වන ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විමට නියමිතව තිබේ.

Read More

කළුතර - උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් මියගොස් තිබේ.

Read More

මෙම වසරේ දෙවන කාර්තුව සදහා 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැන්වීමක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට යෝජනා කර තිබේ.

Read More

ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා සුදුසු පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීම සඳහා භූමිය නිරීක්ෂණයට ඊයේ (13) අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්ත කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 96ක ජයක් වර්තා කිරීමට සමත්විය.

Read More

බණ්ඩාරවල පූනාගල මාපිටිය ගල්වලේ ගල්බෝරයක් පුපුරා ගල් වලේ සේවය කරමින් සිටි දෙදෙනෙකු අද 14 දහවල් ගල්කුළු වලට යටවී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද ඒ අසල නවතා තිබූ වාහන තුනක් කඩා වැටී තිබූ ගල්වලට යට වී දැඩි හානි වී ඇතැයිද ලියන්ගහවෙල පොලිසිය පැවසීය.

Read More

මුළු දිවයිනෙන්ම වැඩිම Speed Post අයිතම භාරගත් තැපැල් කාර්යාලය ලෙසත්, මුළු දිවයිනෙන්ම වැඩිම Speed Post ආදායම් රැස්කළ තැපැල් කාර්යාලය ලෙසත් 151වන ලෝක තැපැල්දින සැමරුමේදී සම්මානයට පාත්‍රවුණු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගොල්ලාගම තැපැල් කාර්යාලයට අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකල අංග සම්පූර්ණ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඌව පළාත තුළ ගංජා, විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ මෙහෙයුමේ සමාරම්භක උත්සවය හෙට ආරම්භ කිරීමට නියමිතය.

Read More

වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ තරුණයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (02/12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී සිදුකළ වෙඩි තැබීමකින් නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මරණීය දණ්ඩනය නියමවු දේශිය හා විදේශිය සිරකරුවන් 817 දෙනෙකු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බැව් අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

Read More

අනාරක්ෂිත සහ වින්දිත ළමුන්ගේ ඡායාරූප සහ වීඩියෝපට ඔවුන්ගේ පුද්ගලිකත්වයට සහ ගරුත්වයට හානිවන අයුරින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වල ප්‍රචාරය කිරීම ළමුන්ගේ උපරිම යහපතට බාධාවක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි.

Read More

පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු 82 නෙකු විසින් ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වු මාස 09ක කාලය තුලදි සමූහ රක්ෂණය ලබාගෙන ඇති බැව් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

2029 වර්ෂය වන විට රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීමට සඳහා සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද කොළඹදී සමත්විය.

Read More

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුම‍ාර ජයකොඩි මහතාගේ ජායාරූපයක්ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp) අංකයක් හරහා දිත්වා සුළි කුණ‍ාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර හා මුදල් එකතුකිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියයි.

Read More

දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය

Read More

නවදිල්ලි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති භාරතීය විද්‍යාපීඨය සහ සාර්ක් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ඉන්දියානු පරිච්ඡේදය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ සාමය ගොඩනැගීමේ සහ සහයෝගීතාවයේ මාධ්‍යවේදයේ කාර්යභාරය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය, භූතානය සහ අනෙකුත් රටවල මාධ්‍යවේදීන් අතර පුළුල් සාකච්ඡාවක් පවත්වා ඇත.

Read More

වසර 10ක් තිස්සේ රියදුරු බලපත්‍ර චිප් (Chip) එකක් සහිතව නිකුත් කළද රියදුරන් කරන වැරදි සම්බන්ධයෙන් ලකුණු කැපීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිසිදු තාක්ෂණික මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බව හෙළිවෙයි.

Read More

කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් ලෙස Lanka Metro Transit බස් රථ සේවාව හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය කරමින් තිබෙන අතර, මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට බස් රථ පැමිණීමට නියමිත බවත් මෙහිදී සඳහන් කෙරිණි.

Read More

: මාලිමාවේ නව පාලක මණ්ඩලය පිරිත් සජ්ඣායනා මැද වැඩ අරඹයි

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ Shannon Cowlin මහත්මිය සඳහන් කළාය.

Read More

නිසි මිලකට අළෙවි කර ගැනීමට නොහැකිවීමෙන් සුකිනි වගාවේ නිරත තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ සුකිනි වගාවේ නිරත ගොවියෝ පවසති.

Read More

මුදල් වංචා කිරීම් දෙකකට අදාල සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට - පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉතාලි කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඉතාලි කණ්ඩායම කඩුුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීය.

Read More

ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.