ඉහළ කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
- 10 11 2026
- 10:27
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට (09) දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් (09) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
එම ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් වැසි ලැබුණ හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරිමත් සමග සෙන් ක්ලෙයාර් දිය ඇල්ලේද පහත වැටෙන ජල ධාරිතාවය ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
