මීගහකිවුල රොබේරිය වත්ත ප්‍රදේශයේ බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් එහි සිටි පනස් නවය හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
අවිධිමත් ලෙස ඉදිකළ විශාල ගල් බැම්මක් මෙසේ කඩා වැටී ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.
ඒ ආසන්න අවදානම් පරිසරයේ සිටින පිරිස් ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවද මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.
ඉකුත් දින කීපය පුරාම මෙම ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස ඉදිකර තිබූ අවිධිමත් ගල් බැම්ම අස්ථාවර වී එකවරම නිවෙස් මතට කඩා වැටී තිබේ.
මේ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ පරීක්ෂාවක් කිරීමටත් තවදුරටත් එහි අවදානමක් පවතින්නේ ද යන්න පිළිබඳවත් සොයාබල බැලීමටත් නියමිත බව ද එම බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
