saravita-anim2​

2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා

2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා

Latest News - timelapse 1 hours ago

LATEST

කොළඹ පේරාදෙණිය හා ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද ඇරඹෙයි

calendar_today 2026 ඔක් 02 - 04:39 remove_red_eye - 9  

දිත්වා හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මාස 10කට පසු අද (02) දින සිට යලිත් ආරම්භ වෙයි. මේ අනුව රඹුක්කන සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා අද දිනයේ සිට දුම්රිය ධාවනය ආරම්භ වෙයි.

පිපිරීමෙන් හානි සිදුව ඇති වාට්ටු 02 ක් ඉදිරි දින 02 තුළත්, ශල්‍යාගාර සංකීර්ණය සහ දැඩිසත්කාර ඒකකයක් කඩිනමින් ආරමිභ කළ හැකි බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා පවසයි.

Read More

පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා 17506 ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවැසීය.

Read More

අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී 8.10ට පමණ පාගමනින් පැමිණ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබිම සිදුකර තිබේ.

Read More

ඇෆ්ගනිස්ථානය තුළ පාකිස්ථානය විසින් තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් සිවිල් වැසියන් නව දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව තලේබාන් රජය පවසයි.

Read More

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා යෝජනා සලකා බැලේ

Read More

ජපානය, එරට ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන්ගෙන් අය කරන ගාස්තුව 20 ගුණයකින් ඉහළ දමා යෙන් 200,000 (ඇමරිකානු ඩොලර් 1,270; බ්‍රිතාන්‍ය පවුම් 955) දක්වා වැඩි කර තිබේ. ජපානයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන්නන් ආදායම, විශ්‍රාම වැටුප සහ ජපන් භාෂා දැනුම සම්බන්ධ නව අවශ්‍යතා ද සපුරාලිය යුතුව ඇත.

Read More

ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ ෆලයි ඩුබායි ගුවන් යානයක නියමු කුටියේදී ගුවන් නියමුවෙක් විසින් තවත් ගුවන් නියමුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ගුවන් යානය විනාශ කිරීමට ගත් උත්සාහයට ඉරානය සම්බන්ධදැයි ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩියැයි ඊශ්‍රායල අගමැති පවසයි.

Read More

මස්කෙළිය ප්‍රාදේශීය සභාවට අයත් ගලි ටැක්ටරයේ මලපහ අපද්‍රව්‍ය කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇලට මුදා හරිමින් සිටියදී එම බවුසරයේ රියදුරා සහ රිය සහයක හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අද (01) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .

Read More

අද දවස වන විට ලොව සුන්දරම ජීවීන් ලෙස සලකන දරුවන් සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තබන කතා අතරට ළමා හිංසන, ළමා අතවර, ළමයින් සැකකරුවන් ලෙස හංවඩු ගැසීම් හා ළමා ඝාතන ආදිය අඩුවක් නැතිව අසන්නට ලැබේ. වෛරය, ක්‍රෝධය පමණක් නොව නොසන්සිඳුණු කාම පිපාසයන් නිවා ගැනීමට මෙන්ම තම මනසේ ඇති වන ආතතික හා පීඩාකාරි තත්ත්වයන් සමනය කර ගැනීමට හයක් හතරක් නොදන්නා වූ දරුවන් යොදා ගන්නා වූ අද වැනි අඳුරු යුගයක “ මනසින් සවිමත් - දරුවන් පොහොසත් ” යන තේමා පාඨය කරගෙන 2026 වර්ෂයේ අපි ලෝ

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

Read More

යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු වෙනුවෙන් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කිරීම ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

Read More

අද (01) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග , ජපානයේ නගෝයා නුවර පැවති ආසියානූ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී , එම ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන 09/30 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

වත්මන් රජය ගොඩනඟන නව ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු අත් නොහැර, සෑම දරුවෙකුටම සුරක්ෂිත පරිසරයක තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කරගැනීමට අවස්ථා සලසා දීම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනපතිවරයා මේ බව පවසයි.

Read More

2026.09.26 දින බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත එදිනම යායවත්ත, පලපොත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 842 ක් සොයා ගෙන තංගල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

Read More

ගාල්ල පොලිස් වසමේ අම්බලන්වත්ත ප්‍රදේශයේදී වායු තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිිටියදී මියගොස් ඇති බවට ගාල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය අවුරුදු 57 ක්වූ දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ් අනුව අද පෙරවරුව වන විට ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක් ‌ඩොලර් 100 මිළෙන් පහළට පැමිණ තිබේ.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දමා ඇත.

Read More

කෑගල්ල, කිතුල්ගල පිහිටි මන්නකැත්ත ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ආවේණික නව කූඩලු ශාක විශේෂයක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන ඇත. එය විද්‍යාත්මකව Impatiens yakandawalarum ලෙස නම් කර තිබේ. එයට කිතුල්ගල කූඩලු ලෙස සිංහල භාෂාවෙන් හඳුන්වාදී තිබේ.

Read More

2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට (01) අදාළ ප්‍රතිලාභීන්ගේ ‘අස්වැසුම’ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

Read More

එයාර් බස් ගනුදෙනු නඩුවේ වරෙන්තු ලද සැකකාරියකවන ’’ප්‍රියංකා නියෝමාලි ’’ට ඇප තැබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ රුපියල් මිලියන 40ක බිරිඳගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.

Read More

එයාර් බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර, ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

2027 අයවැය නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ • අයවැය පළමුවර කියවීම ඔක්තෝබර් 07 • අයවැය කථාව නොවැම්බර් 12

Read More

2026 අංක 01 සහ 02 දරන විදේශ විනිමය රෙගුලාසි සහ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති නියමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම රෙගුලාසි සහ නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

Read More

රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ’’ අයිස් ’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 09/29 දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු රත්මලාන , ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

Read More

වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට - වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය.

Read More

2025 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 2,908ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 3,029ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේනතුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.