saravita-anim2

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා

Latest News - timelapse 46 minute ago

LATEST

හෝමාගම නව පොලිස් කොට්ඨාසයක් කරයි

calendar_today 2025 සැප් 02 - 19:19 remove_red_eye - 27  

නව පොලිස් කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කරන ලද හෝමාගම නව පොලිස් කොට්ඨාසය විවෘත කිරීම හෙට දිනයේදි සිදුකරන බව පොලිස් මූලස්ථානය කියයි.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (02) පෙරවරුවේ පැවැත්විණි.

Read More

චීනයේ ජයග්‍රාහී දින පෙළපාලියට එක්වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීන අගනුවර වන බීජිං වෙත පැමිණ ඇති තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයට රුපියල් කෝටි 05 ක් වටිනා අතිනවීනතම පරිලෝකන යන්ත්‍ර (Scan Machine ) දෙකක් 09/02 දින දහවල් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

Read More

හම්බෙගමුව රොටවැවෙි වැව්පිටියේ මී ගවයකු ගැටගසා සිටියදිම, ඊයේ (01) කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් පැමිණ මෙම මී ගවයාගේ පසුපස ගාත් යුගල සහ බඩ කොටස කපා ඝාතනය කර එම මස් රැගෙන ගොස් ඇතැයි හම්බේගමුව පොලිසිය පවසයි.

Read More

සරළ කරන ලද එකතු කරන ලැබූ අගය මත අය කරන බදු ක්‍රමය (Simplified Value Added Tax System) වෙනුවට සම්ප්‍රදායික VAT ක්‍රමය මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක කරන බවත් අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුලු ව්‍යාපාරිකයන් රැසක් රජයෙන් කරන ලද ඉල්ලීම මත නව තීරණය ක්‍රියාත්මක වන බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ අංශයේ කොමසාරිස් දිසා බණ්ඩාර මහත්මිය පැවසුවාය.

Read More

මාතලේ කොහොළන්වල හුණුපිටිය මඩවලඋල්පත ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුල් වී පොල් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩි තැබීමෙන් අදාල සැකකරු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහා රෝහල වෙත අද (02) දින ඇතුළත් කර ඇතැයි මහවෙල පොලිසිය පවසයි.

Read More

’’රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි’’ යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්වහන්සේට ලිපියක් යොමු කර තිබේ.

Read More

නුවරඑළියට සංචාරකයන් රැගෙන එන ඇතැම් බස් රථවල සවි කර ඇති අමතර එල්.ඊ.ඩී විදුලි ආලෝක සහ එම බස් රථවල සවි කර ඇති ඝෝෂාකාරි අධික ශබ්දය සහිත බෆල් හේතුවෙන් රාත්‍රි කාලයේ නුවරඑලිය ග්‍රෙගරි වැව අසළ රථ ගාල්වල සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පීඩාවට පත් වි ඇත.

Read More

මෙම මාසයේදී ලාෆ් ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 4100ක් හා කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රු 1645ක් ලෙස ස්ථාවර මිලක පවතිනු ඇත.

Read More

මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Read More

දකුණේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් ලෙසත් උතුරේ වෙඩි තැබීම් යුද්ධයක් ලෙසත් අර්ථකතනය කිරීමේ දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් ආරම්භ කර ති​බේ.

Read More

ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි, 2025 සැප්තැම්බර් 03 සිට 05 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. මෙය දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන ඉහළම මට්ටමේ සංචාරය වේ.

Read More

බටහිර සුඩානයේ මාරා කඳුකරයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයන් 1,000ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් විස්සයි 20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ඉරිදා උදේ වරුවේ මාතර නගරයේ ටියුෂන් පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ලමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවාය. මාතර ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී පසුගියදා ඇය ඒ බව කීවාය.

Read More

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (02දා) පෙරවරු 08 සිට රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

ආගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 198235ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2024 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි තිබූ සංචාරකයන් සංඛ්‍යාව 164609කි.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටියාගල ප්‍රදේශයේ ඉඳිකෙරෙන රිවි දනවි සූර්ය බල ව්‍යාපෘතියේ ඉඳි කිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීම සැප්තැම්බර් මස (06) වෙනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

Read More

159 වැනි පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ විශේෂ සැමරුම් උත්සයක් හෙට දිනයේදි ‍ පැවැත්වීමට නියමිතය.මීට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය කියයි.

Read More

යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

Read More

බෞද්ධ ජනතාව විසින් වන්දනාමාන කරනු ලබන සොළොස්මස්ථාන අතුරින් වැදගත් ස්ථානයක් වු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ දිවයිනේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත.

Read More

අස්වැනු වැඩිවිමත් සමග කල්පිටිය අර්ධද්විපයෙ වගා කරනු ලබන සියලුම එළවළු නොසිතු ලෙස පහල වැටි ඇති බව වගා කරුවන් පවසයි.

Read More

නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ (කිලෝ මීටර් 70 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදේ දී කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) මුදා ගැනීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට 2025 අගෝස්තු මස 30 දින කටයුතු කෙරිණි.

Read More

පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත‍්‍ය උදය ගම්මන්පිල මහතා විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන මෙන් ඉල්ලා අද දින අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කළේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවර වන්දි ගෙවීමට සහ වෙරළ සංරක්ෂණයට යෙදවීම සිදු වූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

Read More

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

Read More

දක්වා ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටීමෙන් බස් රථයට බරපතළ හානි - බස් රථයට සිදුවූ අලාභයට රුපියල් ලක්ෂ 13 අයිතිකරු විසින් ගෙවා දමයි -

Read More

මහවැලි ව්‍යාපාරයේ අවසාන වාරි කර්මාන්තය බවට පත් වූයේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි. මේ දිනවල පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.