ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටි 7ක් මරුට
- 9 11 2026
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊජිප්තුවේ ගීසා නගරය ආසන්නයේ සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
ගීසා සහ කයිරෝ නගරවල සිට දකුණු දෙසට ගමන් කරමින් තිබූ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව එරට දුම්රිය බලධාරීන් පවසයි. ගැටීම හේතුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැන, බැම්මකින් පහළට පෙරළී ගොස් තිබේ.
මෙම අනතුරට හේතු වූ තත්ත්වයන් පිළිබඳව විමර්ශනය කරන ලෙසත්, නොසැලකිලිමත්කමක් පෙන්නුම් කළ පාර්ශවයන්ට එරෙහිව වගවීම තහවුරු කරන ලෙසත් රාජ්‍ය බලධාරීන්ට නියෝග කළ බව ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි ප්‍රකාශ කළේය. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට රජයේ නීතිපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
