ඉරාන යුද්ධය අවසන් වූ බව පෙනෙන්නට තිබෙනවා
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධය "ඇත්ත වශයෙන්ම" අවසන් වී ඇති බව
පෙනෙන්නට තිබෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.ඇමෙරිකාවේ වොෂින්ටන්
නුවරදි කටාර් අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුවසඳුදා පැවති හදිසි මාධ්‍ය හමුවකදී, ඔහු මේ බව කිවේය.
ඇමෙරිකාව විසින් ඉරානයේ හමුදාමය ශක්තිය විනාශ කර දමා ඇති බවට වන තම ස්ථාවරය ට්‍රම්ප් මෙහිදී නැවත අවධාරණය කළේය.
"හමුදාමය වශයෙන් ඉරානය දැන් ඇත්ත වශයෙන්ම අවසන් වී තිබෙනවා," යැයි ඔහු පැවසීය. "අපි දැනට පවතින තත්ත්වය එලෙසම පවත්වාගෙන යන අතර, එසේ කරන්නේ ඉරානයේ අසල්වැසි රටවල ඉල්ලීම මතයි."
එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් බින් ජසීම් අල් තානිසමඟ පැවති රහස් සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය. කටාර් අග්‍රාමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මෙම සාකච්ඡාවල ප්‍රගතිය අගය කර තිබුණි.
"අපි කලාපයේ පවතින තත්ත්වය සහ එක්සත් ජනපදය හා ඉරානය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළා," යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය. "ගිවිසුමකට එළඹීම සහ කලාපයට සාමය ගෙන ඒම සම්බන්ධයෙන් පැවති ධනාත්මක සාකච්ඡා පිළිබඳව මම කෘතඥ වෙනවා."
කෙසේ වෙතත්, මෙම "පවතින තත්ත්වය" යටතේ, ඉරාන වරායන්ට එරෙහිව එක්සත් ජනපදය පනවා ඇති නාවික අවහිරතාදිගටම ක්‍රියාත්මක වනු ඇති බව ට්‍රම්ප් පිළිගත්තේය. මීට අමතරව, ගොඩබිම් මාර්ග ඔස්සේ සහ කැස්පියන් මුහුද හරහා සිදුවන වෙළඳාම අඩාල කිරීම අරමුණු කරගත්, මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 'ටාස්ක් ෆෝර්ස් අයර්න් ගේට්' ද මෙයට ඇතුළත් වේ.
"කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේටය සහ වෙනත් රටවල් කැමති වන්නේ
පවතින තත්ත්වය එලෙසම පවත්වාගෙන යාමටයි," යැයි ඔහු පැවසීය. "වෙනත් වචන වලින් ඊශ්‍රායලය සහ සමස්ත මැද පෙරදිග කලාපය ඉරානයෙන් එල්ල වන අන්තරායන්ගෙන් හා තර්ජනවලින් ආරක්ෂා වී ඇති අතර, මෙම ගැටුම අවසන් වීම දෙසට යොමු වූ ප්‍රවණතාවක් අපට දැකගත හැකිය. මම සිතන්නේ මෙය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි. යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවැසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
