saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9174 hours ago

LATEST

කන්දකාඩු කොවිඩ් ආසාදිතයින් කඳවුරට සීමා කරනවා - පවිත්‍රා

calendar_today 2020 ජුලි 10 - 15:35 remove_red_eye - 1090  

කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 252 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඒ පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කරන ලදි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු ( 09) සහ( 10) වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්ම වු තද වැසි වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව 08 දා පස්වරු 4.00 සිට 09දා පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් තුළ මැතිවරණ පැමිණිලි 132ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ විවිධ පරාශයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.

Read More

‘‘යූ. ඇන්. පී. ය දැන් දෙකට කැඩිල.පිල් දෙකයි. සජිත් පිලයි රනිල් පිලයි. එයාලට දැන් සටන තියෙන්නේ ආණ්ඩුව අල්ලන්න නෙමෙයි. ජනාපතිවරයා හැට නව ලක්ෂයකින් දිණුවේ. ඒ නිසා ආණ්ඩුව අල්ලන්න එයාලට බැහැ. දැන් එයාලගෙ සටන තියෙන්නෙ සිරිකොත අල්ලන්නයි. මේ රටේ යූ. එන්. පී. පාක්ෂිකයන්ට ඕන ඒකද? ඒක නිසා මේ පාර පොහොට්ටුවට අපට තරගයක් නැහැ. ජනතාව තුනෙන් දෙකක බලයක් අපට දෙනව කියල විශ්වාසයි “ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින තලෙයිමන්නාරම, පැරණි ජැටියට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

හිනිදුම ,වීරපාන - නැගෙනහිර ප්‍රදේශයේදි මෙරට නිෂ්පාදිත ගිනිඅවි 4ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොයිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ඊයේ ( 09) දා හදුනාගැනීමෙන් අනතුරුව එම ප‍්‍රදේශයේ තවත් ග‍්‍රාම සේවා කොට්ඨාස 4ට අයත් 42කු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නාත්තන්ඩිය කොට්ඨාස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් හෙට (11දා) මහනුවරට යන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

වැල්ලවාය - බුත්තල මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී වැල්ලවාය දෙස සිට බුත්තල දෙසට ගමන් කළ ලොරි රථයක් හා බුත්තල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ ත්‍රි රෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තිබේ.

Read More

රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට අද (10දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානය තුළින් නව කොවිඩ් ආසාදිතයන් 196ක් වාර්තාවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2350ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 නිසා ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය රටේ සමස්ත ජනතාවට ලබා දීමට රජය පියවර ගත්තා. ඒ් අනුව ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අවම වීම මත ඉන්ධන ලීටරයකට රුපියල් 26ක විශේෂ බද්දක් පනවන ලද අතර ඉන් ලැබුණ ආදායම මහාභාණ්ඩාගාරය යටතේ විශේෂ අරමුදලකට ඇතුළත් කළා.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ( 09) වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

දෙවන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැලැක්වීමේ අරමුණෙන් දෙසැම්බර් 31 දක්වා ඉතාලියේ හදිසි අවදානම් තත්ත්වය දීර්ඝ කල බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

මහින්ද රාජපක්ෂට වැඩිය මට විවිධ විෂයයන් සම්බන්ධයෙන් ඉතා ගැඹුරු දැනුමක් සහ පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කරන්න යන්න එපා. මට දුකයි මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කිරීම ගැන

Read More

කොවිඩ් ආසාදිතයන් පොකුරක් වාර්තා වූ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසන්නයේ ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත්කර තිබේ.

Read More

ඒ අනුව එම මධ්‍යස්ථානය තුළින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 252කි. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් 56 දෙනාද සමගිනි.

Read More

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙම කාලය තුළදී නීතිවිරෝධී මත්පැන් ලීටර හාරලක්‍ෂ තිස්හත්දහස් හාරසිය හැටහයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රමාණය දොළොස් දහස් තුන්සිය හතකි.

Read More

’’තවමත්, වර්තමාන සාක්ෂිවලට අනුව SARS-CoV-2 සම්ප්‍රේෂණය මූලික වශයෙන් සිදුවන්නේ මිනිසුන් අතර සෘජු, වක්‍ර හෝ සමීප සම්බන්ධතා හරහා ආසාදිත ස්‍රාවයන් වන කෙළ හා ශ්වසන ස්‍රාවයන් හරහා හෝ ඔවුන්ගේ ශ්වසන ජල බිඳිති හරහායි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස සම්ප්‍රේෂණය පිළිබඳ නව විද්‍යාත්මක සංක්ෂිප්තය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යමකට ප්‍රවේශවීමේදී ඒකමතිකත්වයක් අවශ්‍ය බවත්, බෙදුණු පරිපාලනයකින් එය අපේක්ෂා කළ නොහැකි බවත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඞ් 19 ආසාධිත රෝගියා සමග බන්‍ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06දා නිදහස්ව ගිය විසි හතර හැවිරිදි පෞද්ගලික බස් කොන්දෙස්තරවරයෙක් ඊයේ ( 09) රාත‍්‍රී 09.00ට පමණ වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරිමට ගිලන් රථයකින් රැගෙන යනු ලැබීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,230,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

දිවුල් ඵලදාවෙන් කොටසක් වාර්ෂික අපතේ යන නිසා එය වළක්වා ගැනීම සඳහා දිවුල් පිටි ලබා ගැනීමට හා අයිස්ක්‍රීම් සකස් කිරීමේ තාක්‍ෂණය සොයාගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.