ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලි බල මණ්ඩලය ගෙවීමට තිබූ රුපියල් කෝටි 8500න් රුපියල් කෝටි 5000ක් ගෙවා දැමූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“කොවිඩ් 19 නිසා ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය රටේ සමස්ත ජනතාවට ලබා දීමට රජය පියවර ගත්තා. ඒ් අනුව ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අවම වීම මත ඉන්ධන ලීටරයකට රුපියල් 26ක විශේෂ බද්දක් පනවන ලද අතර ඉන් ලැබුණ ආදායම මහාභාණ්ඩාගාරය යටතේ විශේෂ අරමුදලකට ඇතුළත් කළා.
පසුගිය වසර කිහිපය තුළ ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 8500කට වඩා ණය ගෙවිය යුතුව තිබුණා. නමුත් කොවිඩ් 19 සමග ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල පහළ යාම මත පනවන ලද විශේෂ බද්ධ යටතේ ලැබුනු ආදායමෙන් රුපියල් කෝටි 5000ක් විදුලි බල මණ්ඩලය තිබුනු ණය ගෙවා දැමීමක් වශයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට පියවර ගත්තා” යැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති මහජන හමු කිහිපයකට සහභාගි වෙමිනි.
