දිවුල් ඵලදාවෙන් කොටසක් වාර්ෂික අපතේ යන නිසා එය වළක්වා ගැනීම සඳහා දිවුල් පිටි ලබා ගැනීමට හා අයිස්ක්‍රීම් සකස් කිරීමේ තාක්ෂණය සොයාගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙවැනි සොයා ගැනීමක් ලෝකයේ පළමු වරට සිදුකර තිබෙන බවත්, මේ සඳහා රට තුළ තිබෙන දිවුල් වර්ග හා 2018 වසරේදී අඟුණකොළපැලැස්ස මාංශ හා තෙල් භෝග හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් හඳුන්වා දුන් ANK හා 2 දිවුල් ප්‍ර‘භේදත් යොදාගත හැකි බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී සහකාර කාෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා පැවසීය.
දිවුල් පිටි ලබාගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය විජලන යන්ත්‍රය සූර්ය බලයෙන් ලබාගන්නා විදුලියෙන් පවා ක්‍රියා කර වීමට හැකි බවත්, අයිස්ක්‍රීම් සකස් කිරීමේ හා දිවුල්පිටි ලබාගැනීමේ තාක්ෂණය ඉදිරියේදී ජනතාවට ලබාදීමට නියමිතව තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
එසේම දිවුල් පිටි උපයෝගී කර ගෙන අතුරු නිෂ්පාදන සිදුකිරීම පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙන බවත්, 047-2228336 දුරකථන අංකය මගින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඉෂානි ලියනගේ මහත්මියට මෙම පලතුරු මගින් සිදුකළ හැකි දෑ පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව තිබේ.
දිවුල් සැලකීමේදී වසරේ එක් කාලයකට පමණක් ඵලදාව හට ගැනීම නිසා දිවුල් නොමැති කාලයක් ඇති බැවින්, නව සොයාගැනීම්වලට අනුව දිවුල් හිඟයට විසඳුම් ලැබෙනවා සේම දිවුල් වාරයේදී අපතේ යන දිවුල් සඳහා වැඩි වටිනාකමක් එක්වී ඇත.
