අපරාධ නිවාරණය සඳහා දිවයිනේ සියලු පොලිස් ස්ථාන ඒකාබද්ධ කර ගනිමින් ගෙවී ගිය දින තිස්දෙකක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් හැටදෙදහස් හයසිය අසූහයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාලය තුළදී නීතිවිරෝධී මත්පැන් ලීටර හාරලක්ෂ තිස්හත්දහස් හාරසිය හැටහයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රමාණය දොළොස් දහස් තුන්සිය හතකි.
එසේම ගංජා කිලෝ හයසිය අටක් සමග සැකකරුවන් හයදහස් හයක්, හෙරොයින් කිලෝ දහයයි ග්‍රෑම් හත්සිය පනහකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් අටදහස් අසූහතක්, අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් තුන්සිය අනූවක් සමග සැකකරුවන් පන්සිය පහළොවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබීය.
මෙම කාලය තුළදී ටී-56 ගිනිඅවි එකොළහක්, ටී-81 ගිනිඅවියක්, බෝර 12 ගිනිඅවි හතළිස් දෙකක්, පිස්තෝල හතරක්, ගල්කටස් විසිනවයක්, රිපීටර් හැත්තෑ හතරක්, වෙනත් අවි පහළොවක්, ජීව උණ්ඩ හයසිය අනූදෙකක්, කඩු හයක්, පිහි දෙකක් සමග සැකකරුවන් එකසිය විසිඅටක් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සිය හැටහතක්, ඩෙටනේටර් විසිතුනක්, අත්බෝම්බ විසිඑකක් සමග සැකකරුවන් එකොළහක් අත්අඩංගුවට ගෙන තිබේ.
වරෙන්තුකරුවන් දොළොස් දහස් එකසිය අසූහයක් හා වෙනත් වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් විසිතුන්දහස් හාරසිය හතළිස් හයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් හා මෙම භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජුනි 06 වැනිදා සිට ජූලි 08 වැනිදා දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදීය.