වැල්ලවාය - බුත්තල මාර්ගයේ වරුණගම ප්රදේශයේදී වැල්ලවාය දෙස සිට බුත්තල දෙසට ගමන් කළ ලොරි රථයක් හා බුත්තල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ ත්රි රෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තිබේ.
මෙම අනතුරින් ත්රි රෝද රථයේ රියදුරු ඇතුළු 04ක තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ත්රි රෝද රථයේ පසුපස ගමන් කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රිරෝද රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.