‘‘යූ. ඇන්. පී. ය දැන් දෙකට කැඩිල.පිල් දෙකයි. සජිත් පිලයි රනිල් පිලයි. එයාලට දැන් සටන තියෙන්නේ ආණ්ඩුව අල්ලන්න නෙමෙයි. ජනාපතිවරයා හැට නව ලක්ෂයකින් දිණුවේ. ඒ නිසා ආණ්ඩුව අල්ලන්න එයාලට බැහැ. දැන් එයාලගෙ සටන තියෙන්නෙ සිරිකොත අල්ලන්නයි. මේ රටේ යූ. එන්. පී. පාක්ෂිකයන්ට ඕන ඒකද? ඒක නිසා මේ පාර පොහොට්ටුවට අපට තරගයක් නැහැ. ජනතාව තුනෙන් දෙකක බලයක් අපට දෙනව කියල විශ්වාසයි “ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කරීම වෙනුවෙන් ආසන මට්ටමින් පවත්වන ප්රචාරක රැලි මාලාවේ හොරණ ජන හමුවේදී එතුමා මේ බව සදහන් කළේය.
තවදුරටත් කතා කළ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
පහුගිය කාලෙ අපි දැක්ක රනිල් අගමැති කමේ හිටිය. මෛත්‍රීපාල ජනාධිපති වෙලා හිටිය. ටික කලකින් දෙන්නා විරසක වුනා. ජනාධිපති කියන දේ අගමැති කළේ නැහැ. අගමැති කියන දේ ජනාධිපති කළේ නැහැ. ඒකෙන් පාඩු වුණේ රටේ ජනතාවට. ඒ පාඩුව අපි වින්දා.
අපි සම්පත් හැදුවා. භූමියේ වටිනාකම වැඩි කළා. හම්බන්තොට ගුවන්තොටුපලවල් වරායවල් හැදුවා. කොළඹ වරාය නගරය ආරම්භ කළා. අධිවේගී මාර්ග හැදුව. යුද්ධය අවසන් කරල මේ වගේ විශාල සංවර්ධනයක් කළා. පසුගිය අවුරුදු පහේ මේ වැඩවලට සල්ලි ලැබුනෙ නැහැ. අවුරුදු දෙකක්ම මුකුත්ම කළේ නැහැ. කළ එකම දේ රාජපක්ෂ වරුන්ගෙන් දේශපාලන පළිගැනීම් පමණයි. පටන්ගත්තෙම මහින්ද හොරා, මහින්ද හොරා කියලමයි. මගෙ චෙක් පොත දැක්කලු. මුන් ඒක දැක්කනම් අරගෙන ආවෙ නැත්තෙ ඇයි. බොරුව අපහාසය කයිවාරුව විතරයි ඒ අය කළ්. ඒ නිසා ඒ අය නැවත පත් කර ගැනීමෙන් රටට කිසිම වැඩක් නැහැ. අපිට ලොකු කාර්ය භාරයක් ඉදිරියේදී තිබෙනවා. ජනාධිපතිවරයා ලොකු සැලැස්මක් දීල තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි. පණත් සම්මත කරන්න, ව්‍යවස්ථාව වෙනස් කරන්න අපට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. ඒ බලය ලබා දීම ඔබේ වගකීමයි.
අද බොහොම පැහැදිලියි සමහර අපරාධ සිදු කර තිබෙන්නෙ හිර ගෙවල් තුල ඉදලයි.අපරාධ සංවිධානය කරන්න හොදම තැන හිර ගෙදර වෙලා . පසුගිය යුගයේ මෙහාට වසංගතයක් වෙලා තිබුණේ පාතාලය සහ කුඩුයි. අවසානයේ කුඩු අල්ලන්න ඉන්න ආයතන සහ නිලධාරීන් කුඩ්ඩන්ගෙන් පිරිල . අපි දැන් ඒවා හෙලිදරවු කර ගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගනිමින් අලුත් රටක් නිර්මාණය කරමින් ඉන්නවා .දැන් මේ ආයතන ගැන ඔවුන් ගැන ටිකෙන් ටික එළියට එනවා. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. මේ කුඩු වලින් මේ රටේ තරුණ පරපුර,පවුල් සංස්ථාව කොච්චර විනාශ වුනාද. මෙවා නැති කිරීම සදහා අපි නීත්‍යානුකූලව පියවර ගන්නවා. අපි යන එන රටේ හැම තැනකින්ම අම්මල තාත්තල අපෙන් ඉල්ලන්නෙ මත් උවදුරෙන් දරුවො බේරල දෙන්න කියල. ඒ විතරක් නෙමෙයි රට අලුත් කරන්න, වැටුණු රටක් නීති ගරුකව නැවත හදන්න ජනාධිපතිවරයා තීරණය කරල තියෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයට බලය දිය යුතුයි.
මංගල එදිරිසිංහ
