saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8588 hours ago

LATEST

මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට දින 35ක ප්‍රචාරක කාලයක් දිය යුතුයි - මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන

calendar_today 2020 මැයි 14 - 20:58 remove_red_eye - 247  

ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස කුමන තත්ත්වයක් යටතේ වුවත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර අපේක්‍ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට අවම වශයෙන් දින තිස්පහක කාලයක් ලබාදිය යුතුව තිබෙන බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සඳහන් කරති.

පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

Read More

පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය , තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ , අද (14) දින රාත්‍රී , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් මගීන් 157 ක් රැගෙන ජපානය වෙත සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය .

Read More

කොවිඩ්-19 බලපෑමත් සමග පැනවූ සංචාරක තහනම හේතුවෙන් මාලදිවයින තුළ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින බවත්, ඔවුන්ද මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙස එම පිරිස් සහ ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටියි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි වලට පටහැනිව කොරෝනා වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කර එයට ආදාහන සහ භුමිදානය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරු පිරිසක් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී.

Read More

ලොවපුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසී සිටී .

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 58කට අයත් සමාජිකයින් 223 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 12 සහ 13 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් සොයා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 916 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියලු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන බවත් සේඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කෙසේ නමුත් මේ අවස්ථාවේදී අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ප්‍රවේශ වීම සීමා කර ඇත.

Read More

කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අඛණ්ඩව දෙවැනි දිනයටත් වර්ධයනයක් පෙන්වයි.

Read More

මෙම නාවික හමුදා පුද්ගලයින් 59 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 121ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Read More

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් 63දෙනෙකු මේ වන විට රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14දා) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.

Read More

බස් රථ තුළ මගීන් ගමන් කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව විද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහණ ක්ෂේත්‍රයට අදාල විද්වතුන් වෙතින් ඉල්ලීමක් කර තිබිනි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

කෝවිඩි-19 වසංගතය හේතුවෙන් රට අකර්මන්‍ය කළ කාලය තුළ මධ්‍යසාර භාවිතාකළ පුද්ගලයින්ගෙන් 80% සහ දුම්වැටි භාවිත කළ පුද්ගලයින්ගෙන් 68% භාවිතය අඩුකර ඇති බව ශ්‍රීලංකාව තුළ සිදුකළ සමීක්ෂණයකන් අනාවරණය කරගෙන තිබේ.

Read More

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්හි දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනය විශාල වෛද්‍ය ආධාර තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.

Read More

සෝල් හි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 නව පොකුරේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනෙයි.

Read More

2020 පළමු කාර්තුව සඳහා 2020-05-31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව කොළඹ නගර සභාව දන්වා සිටී.

Read More

ඊයේ (13) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 888 ක් කෝවිඩ් 19 මරණ 195 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.