යාපනය, වෙත්තලකේණි උඩුතුරෙයි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 52 ග්රෑම් 680 ක් සමග ධීවර යාත්රාවක් ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙත්තලකේනි, වෙරළ තීරයේ වෙරළ නීරීක්ෂණ කටයුතු වල නිරත වූ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසි නිරීක්ෂණයකදී සැකකරුවන් පිරිසක් විසින් නාවික හමුදාව එනු දුටු විගස ධීවර යාත්රාවක් දමා පලා ගොස් ඇති අතර පසුව නාවික හමුදාව විසින් එය පරික්ෂා කිරීමේදී එහි තිබී පාර්සල් 13 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 52 ග්රෑම් 680ක ප්රමාණයක් සොයා ගෙන තිබේ.
එම කේරළ ගංජා තොගය සමඟ අදාල යාත්රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කරනු ලැබීය.
