මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ පළමු අදියර මේ වන විට ආරම්භ වි තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලවලට අදාලව තැපැල් ඡන්ද විමසිම් පෙරවරු 9ට පමණ ආරම්භ වි තිබේ.
අද පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරිමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.
තැපැල් ඡන්ද සලකුණු කිරිමට දින 7ක කාලයක් ලබා දි ඇති අතර ඒ අනුව අද ,හෙට,අනිද්දා සහ 16,17 20,21 යන දිනවලදි තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදු කෙරේ.
