මන්දට හසුවු දිවියා සමනල රක්ෂිතයට මුදා හරියි
ගිනිගත්හේන කෙනිල් වත්තේ ලදු කැලැවක අටවා තිබු මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා වනජිවි නිලධාරින් විසින් ඊයේ (12) දින මුදාගෙන දිවියාව නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කර දිවියා නල්ලතන්නිය සමනල ස්වාභාවික රක්ෂිතයට අද (13) දින මුදා හැරි බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මතයි දිවියා සමනල ස්වාභාවික රක්ෂිතයට මුදා හරිනු ලැබුවේ.
සතුන් දඩයම් කිරිම සදහා එම වතුයායේ වතු කම්කරුවෙක් විසින් අටවා තිබු මන්දකට අවුරුදු 6ක් පමණ වයසැති හොදින් වැඩුණු ගැහැණු දිවියෙකු හසු වි සිටියදි රණ්දෙණිගල පශ්‍ර වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගය මත දිවියා මන්දෙන් මුදා ගැනිමට නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් ඊයේ දින සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අද දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මන්දට හසු වි සිටි දිවියාට බාහිර තුවාල කිසිවක් නොතිබුණද මන්දට හසු විමෙන් පසු දිවියා බේරි යාමට උත්සාහ කිරිම නිසා උදරයේ තැලිම් තිබු නිසා දිවියාව නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දි දිවියා නිරෝගි තත්ත්වයෙන් සිටි නිසා දිවියාව නල්ලතන්නිය ශ්‍රි පාද රක්ෂිතයට මුදා හැරි බව රණ්දෙණිගල පශ්‍ර වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
