කොරෝනා රෝගින් වැඩිවෙද්දි විපක්ෂයේ සතුට - ප්‍රසන්න
කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එමඟින් කාලකණ්ණි සතුටක් ලබන බවයි.
බියගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ,
“විපක්ෂයට දැන් හරිම සංතෝෂයි. කොරෝනා රෝගීන් රටේ වැඩිපුර හම්බෙනකොට ඒ ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මේ රටේ විපක්ෂය. විපක්ෂය දන්නවා මේ මැතිවරණයේ දී යන එන මං නැතිව යනවා කියලා. පරාද වෙන බව දන්න නිසා මේ අයට ඕන කොක්කෙන් හරි කෙක්කෙන් හරි මැතිවරණය කල් දාගන්න. ඒ නිස තමයි කොරෝනා වසංගතය පැතිරෙනකොට විපක්ෂය සතුටු වෙනවා. මම දැක්කා කබීර් හෂිම් කියනවා ආණ්ඩුව අසාර්ථකයි කියලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව පහුගිය යහපාලන ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. මේ අය කථා කරන්නේ තොත්ත බබාලා වගේ. මොකුත් දන්නේ නෑ.
මේ ආණ්ඩුව අවුරුදු හතරහමාරක් කළේ අපි වගේ තමයි කථා කරන්නේ. රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට මේ රට විනාශ කරපු යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු තමයි කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා. කොවිඩ් 19 වසංගතය පැතිරයාම අපේ රටේ ආර්ථිකයට මරු පහරක්. ඒත් ගෝඨාභය - මහින්ද සුසංයෝගයට කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගීමට නිසි වැඩපිළිවෙලක් තිබෙනවා. සජිත්ටත් - රනිල්ටත් එහෙම දැක්මක් හෝ උවමනාවක් නෑ. මේ රට ගොඩ නගන්න ඔවුන්ගේ කයිවාරුව විතරයි.
සජිත් සංස්කෘතික අරමුදලේ මුදල් පාවිච්චි කළේ තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න. නිවාස හැදුවා කිව්වට නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. සජිත්ලා දැන් කථා කරන්නේ හඳෙන් ආවා වගෙයි. හැබැයි රට අද පත්ව තිබෙන අවාසනාවන්ත තත්ත්වයට සජිත්ලා වගකිව යුතුයි. 2015 කරපු බොරුවට ජනතාව නැවත රැවටෙන්නේ නෑ.පාස්කු ප්‍රහාරයට චෝදනා ලත් සියලුම දෙනා ඉන්නේ සජිත්ගේ වේදිකාවේ. මහබැංකු හොරකමේ ප්‍රධානියා ඉන්නේ රනිල්ගේ වේදිකාවේ. මේ දෙගොල්ලෝ දැන් ගහගන්නවා. හොරු හොරු ගහගන්නකොට බඩු මාට්ටු වගේ. රනිල්ලා - සජිත්ලා කරපු සෙල්ලම් දැන් ඔවුන්ගේම කටවල් වලින් එළියට එමින් තිබෙනවා. ඒවාට ජනතාව අගෝස්තු 05 වෙනිදාට ප්‍රතිචාර දක්වන බව සිකුරුයි”.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
