පාතාල සමාජිකයින් දෙදෙනෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
පාතාල කල්ලි සාමාජික "අංගොඩ ලොක්කා" සහ "පෙතියාගොඩ සංඛ"ගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අද (13) උදෑසන මුල්ලේරියාව පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේ දී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් හෙරොයින් ග්‍රෑම් 5ක් සමග මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු විදානගමගේ ගයාන් දර්ශන නොහොත් “ගයියා“ නමැත්තෙකු වන අතර ඔහු අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
ඔහු අගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වෙන අතර, මනුෂ්‍ය ඝාතන හා බිය වැද්දීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා දෙකක දී බන්ධනාගාරගත ව සිටි අයෙකු වෙයි.
මොහු 2019 අගෝස්තු මස හංවැල්ල පොලිස් වසමේ දී පස් ව්‍යාපාරිකයෙකු වු සුමේධ යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වේ.
දෙවන සැකකරු 2018 වසරේ පෙතියාගොඩ ප්‍රදේශයේ අත්බෝම්බයක්, රිවෝල්වරයක්, ටී 56 පතරොම් 10ක්, ගෑස් මුහුණු ආවරණයක් හා කේරළ ගංජා කිලෝ 2ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් බව ද පොලීසිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
