saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7397 hours ago

LATEST

කෑගල්ලේ ඇගළුමි ආයතනයක 04කට කොවිඩි

calendar_today 2021 පෙබ 06 - 09:55 remove_red_eye - 209  

කෑගල්ල නගරයේ පවත්වගෙන යන ඇගළුමි ආයතනයක සේවිකාවන් හතර දෙනකු හට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා 06 දා පවසයි.

ෂීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 164 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

චීනයේ සීනොෆාම් සහ සිනොවැක් බයෝටෙක් යන සමාගම්වල එන්නත් මේ වනවිටත් විවිධ රටවල ඖෂධ නියාමකයන් විසින් දැනටමත් අනුමත කරමින් සිය රටවල එන්නත්කරණ වැඩසටහන් සඳහා යොදාගෙන තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් එන්නත අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශකයෙකු වන මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ, නව දත්ත මගින් එන්නත මුල් වසංගත වෛරසයෙන් ආරක්ෂා වනවා පමණක් නොව, නව ප්‍රභේදයක් වන B.1.1.7 වලින් ආරක්ෂා වන බවද තහවුරු වී ඇති බවයි.

Read More

67 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 24 වැනි දින කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු විය.

Read More

එක්සත් ජනපදය තුළ දැනට අවසරය ලබාදී ඇති ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත්වල මාත්‍රා දෙකක් ලබාදිය යුතු වුවත්, ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙහි විශේෂත්වය වන්නේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් වීමයි.

Read More

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 එන්නත් සඳහා නේපාලයේ හදිසි අවශ්‍යතාවට චීනය විශාල වැදගත්කමක් ලබාදෙන බවත්, ඒ අනුව නේපාලයට පළමු එන්නත් ආධාර ළඟදීම ලබාදීමට තීරණය කර ඇති බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

එන්නත් කරන ස්ථානයේ පවතින වේදනාවන් ආදී ගැටලු වැඩිපුර වාර්තා වී ඇති අතර, එසේ නොමැති නම්, උණ තත්ත්වයන්, හිසරදය, විඩාව, ඔක්කාරය, කරකැවිල්ල, මාංශ පේශි කැක්කුම සහ වේගවත් හෘද ස්පන්දනය වැනි එන්නත්කරණයේදී සාමාන්‍ය රෝග ලක්ෂණ වාර්තා වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නිෂ්පාදිත එන්නත් මාත්‍රා දැනටමත් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව සමග සැසඳීමේදී හත‍රෙන් තුනකට වඩා වැඩි වුවත්, එම එන්නත් බෙදාහැර ඇත්තේ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ දරණ රටවල් 10කට පමණක් බව WHO ප්‍රධානියා පවසයි.

Read More

කිර්ගිස්තාන විදේශ ඇමති රුස්ලාන් කසැක්බෙව් ඊයේ (05දා) දිනයේ එරට චීන තානාපති ඩු ඩිවන් හමුවී චීනය විසින් නොමිලේ කොවිඩ්-19 එන්නත් කිර්ගිස්තානයට ලබාදීම පිළිබඳව සිය ස්තූතිය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 105,330,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 729ක් වාර්තා වී තිබේ. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 63849ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී ඒ හේරත් මහත්මිය පැවසුවාය.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට ඉදිරි සති දෙක තුන ඇතුලත දඩුවම් පමුණවිමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More

තවත් 894 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු ලබන සදුදා සිට නැවැත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

Read More

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ආරම්භ කෙරිණ.

Read More

කෑගල්ල ඩිපෝවේ සේවකයන් දෙදෙනකුට කොවිඩි වටිරසය අසාදනය වෙයි.

Read More

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41කට අධික මුදල් හා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කෙරුණු නඩුවක වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බිත්තර දමන අවදිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සදහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරිමේ සංවර්ධන කමිටු රැස්වීමේ දි අනාවරණය විය.

Read More

බදුල්ල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අසාධිතයන් 04 දෙනෙක් 4දා හා 5දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් කොව්ඩ් වාර්තා පෙන්වාදෙයි .

Read More

වතු කම්කරු දෛනික වැටුප් වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බල කිරිම සදහා 05වන දින පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම අඩු මට්ටක පැවති බව විදුහල්පතිවරුන් කිප දෙනකු හා හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

ඉන්දායාවේදී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන මද්දුම ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ළඟම ඥාතියෙකුගේ ඩී.එන්.ඒ. සාම්පලයක් යොමුකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

Read More

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ දී පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හුදෙකලා බව ඉවත් කිරීමට අලුතෙන් පැනවීමට කටයුතු කරන ප්‍රදේශ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.