ඇවන්ගාඩ් නඩුවේ තීන්දුව මැයි 21
ගාල්ල ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනිඅවි 816 ක් සහ ජීව උණ්ඩ 2020,935 ක් තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මැයි මස 21 දා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දින නියම කළේය.
මෙම නඩුවට අදාළ සාක්ෂි විමසීම අද අවසන් කරන ලදී .
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.
ගාල්ල ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂයකට ප්‍රමාණයක් ලග තබාගැනීම තුළින් විත්තිකරුවන් දණ්ඩණීය වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත .
popular news
-
Kumar Thursday, 29 April 2021 06:47 AM
Mmmm, I wonder what the verdict will be? "Not Guilty!"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

