කොන්සියුලර් අංශයේ සේවා සීමා කරයි
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ලබාදෙන සේවා කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බව එම අමාත්‍යාංශය පවසයි.
පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සේවා සැපයීමේ ධාරිතාවය සීමා සහිත විය හැකිවීම ඒ සඳහා හේතුව බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉදිරි සතිවලදී කොන්සියුලර් කටයුතු අංශය හදිසි/අව්‍යාජ අවශ්‍යතා සඳහා ලබාදෙන සේවා වලට ප්‍රමුඛතාවයක් ලබාදෙන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
උපුටා ගැනීම
‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවයන් හා අපනයන ලිපි ලේඛණ හා අදාළ අනෙකුත් ලේඛන සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවාවන් ලබා දෙන්නේ පූර්ව දැනුම් දීමකින් සිදු කළ වෙන්කර ගැනීමකින් පමණි.
එසේ පූර්ව වෙන්කර ගැනීමක් සිදුකර ගැනීම සඳහා කරුණාකර දුරකථන අංක- 0112335942, 0112338836 සහ 0112338812 ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑලට යොමු කිරීම මඟින් සිදු කරගත හැකිය.’
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
