saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7392 hours ago

LATEST

ගම්පහ පොදු වෙළඳපොළ වසා දමයි

calendar_today 2021 පෙබ 07 - 11:43 remove_red_eye - 299  

ගම්පහ පොදු වෙළඳ පොලෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙකු හමුවීම මත ඊයේ (6) සවස එම වෙළඳ පොල සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සදහන් කරයි.

පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු වන පතිරනගේ සම්පත් තෙන්නකෝන් නොහොත් ’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය තොගයක් සමග (06) දා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 48 දෙනෙකු ඊයේ (06) දිනය තුල වාර්තාවිමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 3060 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමරමහගමගේ මහතා පවසයි.

Read More

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, ඉන් එක් අසාදිතයෙකු පසුගිය දා නිරෝධායන මධ්‍යස්ථානයකදි ජිවිතක්ෂයට පත් වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

Read More

පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හේනේගම ප්‍රදේශයේදී බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් 66 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 726ක් වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයන් 197ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වෙයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ඩුබායි සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ආසන්න සතිවලදී නගර සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබුණද, ඒ සමගම වෛරසයද නගරය තුළ පැතිර ගොස් ඇත්තේ නොවැම්බර් මාසයේ සිට ආසාදිතයන්ගේ සිව් ගුණයක ඉහළ යෑමක් පෙන්වමිනි.

Read More

අද (07දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුල මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගුවන් පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු කර තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී ඊයේ (6දා) රාත්‍රී පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි.

Read More

පහරදීමක් සම්බන්ධයෙන් බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි

Read More

චීනයට අයත් වාණිජ වශයෙන් මහජන භාවිතය සඳහා අනුමත කරන ලද දෙවැනි කොවිඩ්-19 එන්නත මෙය වන අතර, මීට පෙර පසුගිය දෙසැම්බරයේදී චීනයේ සීනොෆාම් එන්නත සඳහා මෙවැනිම අවසරයක් ලැබුණි.

Read More

හමුදා භටයන් දහසකට වැඩි පිරිසකගේ පළමු කණ්ඩායම ඉදිරි දින 10 තුළ කැලිෆෝනියාවේ විවෘත කරන එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ, පෙබරවාරි 15දා ​​වනවිට මෙහෙයුම් ආරම්භ කරන බව ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇන්ඩි ස්ලාවිට් පවසයි.

Read More

එරට ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයත් සමග සුකී ඇතුළු මියන්මාර රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් පිරිසක් හමුදා පාලනය විසින් රඳවාගෙන සිටියි.

Read More

පසුගිය වසරේ එරට ආර්ථිකය 11% කින් හැකිලී ඇති අතර, එය දශක තුනකට ආසන්න කාලයක් තුළ එහි නරකම පරිහානිය බවද කියයි. කියුබානුවන් මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ දී සිටියි.

Read More

චීනය විසින් ඊජිප්තුවට කොවිඩ්-19 එන්නත මාත්‍රා 300,000ක් ලබා දෙන බව ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

විරෝධතා සඳහා ජනතාව බලමුලු ගැන්වීම නැවැත්වීම සඳහා හමුදාව ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම අවහිර කිරීමෙන් පැය කිහිපයකට පසු අන්තර්ජාලය වසා දැමූ අතර, ඊට දිනකට පෙර ෆේස්බුක් තහනම් කර තිබුණි.

Read More

ඉන්දුනීසියාව සිය වැඩිහිටි ජනගහනය සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් හි නිෂ්පාදිත කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත අනුමත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 105,700,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්තානයේ සිට පැමිණි මගින් 169 දෙනෙකුගෙන් යුත් පළමු සංචාරක කණ්ඩායම අද මත්තල ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණෙන ලදී.

Read More

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාසයේ ඇටෝරුවාව ග්‍රාමයෙන් කොවිඩ් අසාදිත රෝගින් 04දෙනකු වාර්තා වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද පැවසීය.

Read More

මහියංගණය රෝහ‍ලේ වෛද්‍යවරයෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක් කොවිඩ් ආසාදනයට ලක්වී ඇති බව අද (6) තහවුරු වූ බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,249 කට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඇය 82 වැනි වියේ පසුවිණි.

Read More

හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨයේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අවු 04 පිරිමි දරුවෙකුට සහ කාන්තාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව (06) දින තහවුරු වි ඇති බව එම නිරෝධායන මධ්‍යස්ථාන භාර නිලධාරියෙකු පැවසිය.

Read More

කෑගල්ල නගරයේ පවත්වගෙන යන ඇගළුමි ආයතනයක සේවිකාවන් හතර දෙනකු හට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා 06 දා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.