saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7388 hours ago

LATEST

නැවතත් වැඩිම ආසාදිතයන් කොළඹින්

calendar_today 2021 පෙබ 08 - 09:53 remove_red_eye - 693  

ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය ඊයේ දිනයේදීත් පත්ව තිබේ. ඊයේ ශ්‍රි ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 772ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයන් 245ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මුහුණු ආවරණ නොපැළඳි හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර නොගත් පුද්ගලයන් 19ක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වූ 78 හැවිරිදි දෙදරු පියෙකු ඊයේ (07දා) අලුයම මිය ගොස් තිබේ.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට (07) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ පැවසිය.

Read More

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක් සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ ඵලදායි ලග්න වනුයේ, මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන වැනි ලග්නයන්ය.

Read More

ඔවුන්ගේ කෝපය උත්සන්න වී ඇත්තේ එන්නත් කරන ලද අයට වඩාත් නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන ’කොරෝනා ගමන් බලපත්‍රයක්’ දියත් කිරීමේ රජයේ සැලසුම්ය. මෙය එන්නත් කිරීම සඳහා බැඳීමක් වන අතර, එය පුද්ගල නිදහසට තවදුරටත් සීමා කිරීමක් බව උද්ඝෝෂකයෝ පවසති.

Read More

ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ කියා සිටියේ රුසියාවේ ස්පුට්නික් වී එන්නත හෝ චීනයේ එන්නත් යුරෝපා සංගමය විසින් අනුමත කරන්නේ නම් තම රට තුළ ඒවා නිෂ්පාදනය කිරීමට තමා සූදානම් බවය.

Read More

’’අපට මිලිටරි ආඥාදායකත්වයක් අවශ්‍ය නැහැ. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි’’ යනුවෙන් ප්‍රධාන නගරය වන යන්ගොන්හි ජනයා හඬ නගයි. තවත් නගර රැසක රැලි විශාල ප්‍රමාණයක් පැවැත්විණි.

Read More

මේ අතර චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් 600,000ක පළමු කාණ්ඩය කාම්බෝජ රජයට ඊයේ ලැබී තිබුණි.

Read More

උත්තරාකන්ද් ප්‍රාන්තයේ ගම්මානවල ජනතාව ඉවත් කර ඇති නමුත් 125කට වැඩි පිරිසක් මෙම ගංවතුරට හසු වී ඇති බවට බලධාරීන් විශ්වාස කරයි.

Read More

එසේම කොරෝනා වෛරසය කාන්දු වූ බවට චෝදනා ලැබ සිටි වූහාන් හි වෛරස් විද්‍යා ආයතනයටද WHO විශේෂඥ කණ්ඩායම පසුගියදා පැමිණියේය. ඩෙඩ්කොව් සංචාරයෙන් පසුව එතැනින් වෛරසය කාන්දු වීම පිළිබඳ න්‍යායද ප්‍රතික්ෂේප කළේය.

Read More

ඒ අනුව නව වෛරස ප්‍රභේදයන්ටද ඵලදායී ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි නව සංස්කරණයක් සඳහා විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බවත්, එය සරත් සෘතුවේදී පමණ ලබාගත හැකි බවත් සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,315,000ක සීමාවට ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.

Read More

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මේ වන විට පුද්ගලයන් 161773කට ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි

Read More

අද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අද (07) දිනයේ කොවිඩ් ආසාදිතයින් 807ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියේය.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ශිඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එහි ප්‍රධාන හේතුව ලෙස රිදිමාලියද්ද ගැමුණුපුර ඇගළුම් ආයතනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහල යෑම සැලකිය හැකිය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 65000ට ආසන්න වී තිබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 362ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 64937ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතටහුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හෙට (08දා) උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමෙන් ඉවත් කරන බව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ජර්මන් වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .

Read More

මේ අනුව ඉදිරි සතියේදී දුම්රිය ධාවනය අවලංගු වීම්, ප්‍රමාද වීම්, අඩාල වීම් සිදුවිය හැකි බව පෙන්වා දුන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට නොව රජයට බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

Read More

නීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කොට,කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සගවා තබා තිබිය දී, පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව‍ය ඒකකය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක්,අද (7දා) දින කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා මුලුමණින්ම විනාශ කළේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (07දා) සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 208ක් වාර්තා වීමත් සමග එම දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,072 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

ඌව පරණගම රතඹ මුස්ලිම් විදුහලේ සිසුන් සිවු දෙනෙක් හා බදුල්ල ධර්මදූත විදුහලේ 7 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් කොවිඩ් 19 අසාධිතයන් බව (7) දා ලැබුණ පී.සී.ආර් වාර්තාවලින් අනාවරණය වී තිබේ.

Read More

උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම යටතේ සුවිශේෂ කාර්යභාරයක් කළ යුතුව පවතින බවත්, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ප්‍රායෝගිකව වඩාත් ක්ෂනිකව ඉටු කළ හැකි අවශ්‍යතා සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අයවැයෙන් වැඩි කරන ලද රුපියල් 1000 සේ වතු කම්කරු වැටුප මේ මාසයේ (පෙබරවාරි) නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට පැමිණීමට සිය සංගමය තීරණය කළ බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (6 ) උදේ ඇල්පිටියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.

Read More

අගලවත්ත බෙල්ලන මහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.