saravita-anim2

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 980 hours ago

LATEST

සිංහරාජය ආහ්‍රිතව උගුල් අටවා කෘමීන් ඇල්ලූ ස්පාඤ්ඤ ජාතිකයා රිමාන්ඩ්

calendar_today 2025 පෙබ 02 - 09:10 remove_red_eye - 198  

සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිත පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමි සතුන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු (31) වනදා අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසිය .

දිවයි‍නේ වැසි තත්ත්වපේ අඩුවීමක් අද (02) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මඩකලපුව, අම්පාර හා මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.

Read More

පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.

Read More

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතුයි- උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දීම කඩිනම් කරනවා පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප ඇති කිරීමට අවධානය යොමු වී තිබෙනවා ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි

Read More

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනියම වැය කරමින් විශාල වශයෙන් වාහන ආයනය කර තොග රැස් කිරිම අධෛර්යමත් කිරීම, රාජ්‍ය ආදයම වැඩි කර ගැනිම යන කරුණු මුල් කර ගනිමින් මෙම කොන්දේසි පනවා තිබේ.

Read More

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

Read More

මාසිකව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනයට සමගාමිව අද මධ්‍යම රාත්‍රි සිට සුපිරි ඩිසල් මිල පමණක් ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Read More

කිරිබත්ගොඩ නිමිඇදුම් කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් වන අතර වසරේ සෑම දිනකම මෙම නගරය ජනාකීර්ණව පවතී. මෙම නගරයට විවිධ අවශ්‍යතා සදහා පැමිණෙන ජනතාවගේ සහ නගරයේ පදිංචිකරුවන්ගේ ජනජීවිතයට බාධා වන අන්දමින් කිරිබත්ගොඩ එක්සත් වෙළඳ සංගමය විසින් සිදුකල ශබ්ද දූෂණය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ නියෝග මත අත් හිටුවා ඇත.

Read More

අමාත්‍ය විජිත හේරත් හා මෙරට ඉතාලි තානාපති Damiaro Francovigh අතර හමුවක් සිදුවී තිබෙනවා. මෙහිදී දැනට ඉතාලි රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් තානාපති වරයාගෙන් විමසීමක් කොට තිබෙනවා.

Read More

“බලයට එන්න ඉස්සර ඉදලම අපි මේ ආයතන විකුණනවට විරුද්ධව වැඩ කලා… අපේ ඒ අරමුණු,වැඩ පිළිවෙල අදත් එහෙමයි. බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රවල රජයට අයිති අධිපතීත්වය, හිමිකාරීත්වය ආරක්ෂා කරගත යුතුයි කියලා අපි මැතිවරණයට කලින් ඉදලම කියල තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. කිසිම විදියකින් අපි මේ ආයතන විකුණන්නේ නෑ. ප්‍රතිව්‍යුහගතකරණය හරහා අපි කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම කියන කොටස් වෙන්කරන එක විතරයි. ඒවා සියයට සියයක් රජය සතු සමාගම්. කිසිම කොට

Read More

උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

2024 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 208 253ක් පැමිණ ඇති අතර 2025 ජනවාරි මස නිමාවීමට දින පහක් ඉතිරිව තිබියදීම 2024දී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබේ.

Read More

විගණකාධිපතිවරයා වාර්ෂිකව වාර්තා 2500ක් විතර ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවලින් ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. ඒක තමයි මහජනයා අතර බොහෝ විට මතයක් ඇවිල්ලා තියෙන්නේ මේවා නිකන් කතා පෙට්ටි කියන එක. අපිත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් වෙනවා, අදාළ ආයතනවලටත් ඉදිරිපත් වෙනවා. නීතියේ තියෙනවා අදාළ ආයතනවල ප්‍රගතිය විගණකාධිපතිට දැනුම් දෙන්න කියලා. පාර්ලිමේන්තුවට අධීක්ෂණ කමිටු දෙකෙන් වාර්තා ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ විවාද කරලා අදාළ ආයතනව

Read More

සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් හයසියය දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපියල් 29ත් දක්වා පහත වැටී තිබේ.

Read More

විදේශීය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි ප්‍රමාදයක් පැවතුණද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2023 වර්ෂයේදී දිරිදීමනා වශයෙන් රුපියල් විසිකෝටි අසූහත් ලක්ෂ අනූදෙදහස් නවසිය හැත්තෑ හතරක මුදලක් ගෙවා ඇති බැව් අනාවරණය වී ඇත.

Read More

හිනිඳුම පනංගල ප්‍ර ‍ෙද්ශයේදි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවතින ගැටලු විසඳීම සඳහා අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස අද (30දා) අයවැය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට යෝජනාවලියක් භාර දුන් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

Read More

’’දේශපාලනයට එන්න ඕනැ කියලා මම ඔය උපාධි මොකුත් කරලා නැහැ. මම ඇත්තටම දේශපාලනයට කැමති නැහැ. මම අවුරුදු 38 වෙනවා කිසිම කෙනෙකුට ඡන්දෙ දීලා නැහැ. දැන් ඇත්තටම ඇවිල්ල ඉන්නේ මිනිසුන් වෙනුවෙන්. ඒ නිසා මම වැඩි දවසක් ඉන්නේ නැහැ මේ දේශපාලන වේදිකාවේ. මම කැමතිම නැති විෂයක් තමයි දේශපාලනය කියන්නේ .හැබයි මම ඉන්න කාලෙ නම් මම කෙලින් ඉන්නවා. ”

Read More

ශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමුකිරිමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.

Read More

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා නෛතික සහ පරිපාලනමය විසදුම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කෙරිණි.

Read More

“ඉසුරු සවිය’‘ නමැති සැමරුම් උත්සවය සඳහා සමුපකාර අරමුදලින් මුදල් වැය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (30දා) නියම කළාය.

Read More

‍1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද (30) දින අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන් විනාශයට පත් වි ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවීමට තිබූ කාලය පසු වී තිබුණත්ඒ සම්බන්ධයෙන් පරක්කු වී හෝ සාකච්ඡා කිරීම හොඳ කටයුත්තක් බව මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ.

Read More

පොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් අනතුරුව එම ජීප් රිය නොනවත්වා ධාවනය කළ පොලිස් කොස්තාපල් රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයට යොමුකර තිබුණ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.

Read More

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රික්ට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

හිටපු අමාත්‍යංශ ලේකම් වරයකු වූ ප්‍රයන්ත මායාදුන්නේ අපරාද පරීක්ෂණ විසින් අත්අඩගුවට ගෙන තිබෙනවා.

Read More

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා ( 02දා) සිදු කිරීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.