ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී 05වැනි ස්ථානය දක්වා ස්ථාන 02කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ.
එම ශ්‍රේණිගත කිරීම් හී 09වැනි ස්ථානය දක්වා ස්ථාන 02කින් ඉදිරියට පැමිණීමට කුසල් ජනිත් පෙරේරා සමත්ව ඇත.
ඒ අනුව විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් හී මුල් පිතිකරුවන් 10 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පැමිණීමට සමත්ව තිබේ.
මේ අතර විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 06 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට වනිඳු හසරංග සමත්ව ඇත.