මහනුවර,බෝගම්බර ක්‍රිඩාංගනයේ දි පැවති සැමට හිමි බිමක් ඔප්පු ප්රදානෝත්සවය සදහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව විසින් රුපියල් එක්කෝටි,එක්ලක්ෂ,හයදහස්එකසිය පනස්අටක මුදලක් (10,106,158) වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
උරුමය ඔප්පු ප්‍රදානෝත්සවයට සමගාමිව සැමට හිමි බිමක් ඔප්පු ප්රදානෝත්සවය 2024 වර්ෂයේ මාර්තු මස 30 වැනිදින මහනුවර බෝගම්බර ක්‍රිඩාපිටියේ දි පවත්වා තිබුණි. එහිදි ඔප්පු 2,700ක් පමණ බෙදා දි තිබුණි. ඉඩම් බැහැර කිරිමේ දි අත්‍යවශ්‍ය වියදම් සදහා පමණක් වියදම් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ සම්බන්දයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ විවිධ ප්‍ර දේශයන්හි ඉඩම්වල නීත්‍යානුකුල හිමිකමක් නොමැති තැනැත්තන් 2,700 දෙනෙකු සදහා නියමිත ගාස්තු අයකර ඔප්පු ලබාදිම සදහා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවය. මෙම උත්සවය හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.
ජේ.කේ.එල්. චාමින්ද