"ඊයේ අපි රෑ වෙනකම් සාකච්ඡා කලා වැලිමඩ අර්තාපල් ගොවියාට සාධාරණයක් කරන්නේ කොහොමද කියලා. අද උදේ වසන්ත සමරසිංහ වෙළෙද ඇමතිවරයා මට කථා කරලා කිව්වා අර්තාපල් සතොස මගින් වැඩි මිළකට මිළදී ගන්නම් කියලා, අර්තාපල් කිලෝ 60000ක් ගබඩා කරන්න පුළුවන් ගබඩාවක් වැලිමඩ පැත්තෙන් හොයන්න කියලා මට කිව්වා.
මම කිව්වා කොහෙන් හරි හොයලා දෙන්නම් කියලා. මේ දවස්වල වැඩිමඩ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් කිලෝ 01ක් විකිනෙන්නේ රුපියල් 160ක් 170 කට වගේ පොඩි මුදලකට. ඒ ගානට අර්ථාපල් විකුණලා ගොවියා රකින්න බෑ. අර්තාපල් කිලෝ 01ක් පොළොවෙන් ගලවලා ගන්නත් ඊට වඩා වැඩි ගානක් වියදම් වෙනවා ගොවියාට. " යැයි ජාතික ජන බල වේගයේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මහියංගණයේ පැවති ජන හමුවකදී අද 01 දින දහවල් පැවසීය.
විද්‍යාරත්න මහතා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් ” අද වෙළෙද ඇමතිතුමා මට කථාකරපු වෙලාවේ කිව්වා, අපි සතොසට අර්තාපල් ගන්නම්, අර්තාපල් කිලෝව 200ට හෝ ඊට ටිකක් වැඩි මිළට, ඒ සඳහා අපිට ගබඩාවක් හොයලා දෙන්න කියලා. වැලිමඩ ප්‍රා දේශිය සභාවේ සභාපති ඉන්නේ අජිත් කුමාර මහතා. එතුමාට මම කථා කරලා කිව්වා හෙට දවල් 12ට පෙර අර්තාපල් කිලෝ 60000ක් දාන්න පුළුවන් ගබඩාවක් හොයලා දෙන්න කියලා. දැන් ඒවා සූදානම් වෙමින් යනවා. මේ ප්‍රශ්න අපිට තේරෙන හින්දා අපේ මන්ත්‍රීවරු සභාපති වරු වේගෙන් වැඩ. අපිට වෙන රාජකාරි නෑ. ඉස්සර හිටපු ඇමතිලාට වගේ හෝටල් බලා ගන්න ෂෙඩ් බලා ගන්න බිස්නස් බලා ගන්න අපිට නෑ. අපිට තියෙන්නේ මහජන වැඩ පිළිවෙල බලා ගන්න විතරයි.
වැරදිලා හරි ජාතික ජනබලවේගයේ ආන්ඩුවක් ආවේ නැත්නම් අද අපේ රට කොයි වගේ තැනක තියෙයිද? අපි නෙවෙයි ආණ්ඩු කරන්නේ කියලා හිතන්නකෝ. පරණ කට්ටිය කරානම් ඔය කුඩු අල්ලයි කියලා හිතනවාද? ඔය කුඩු අල්ලයි මේ රටේ දරුවෝ. ඒවා පොලිසියෙන් අල්ලලා උසාවියේ දාන ඒවා නෙවෙයි. ටොන් ගානක් මේ එන කුඩු මහියංගණය ඇතුළු රටේ හැමතැනම යනවා. ඔය කුඩු ටික අල්ලන් පුළුවන් උනේ රටේ ජනතා වාදී ආණ්ඩුවක් තිබුන නිසා. ඔබ තමුන්නාන්සේලා හිතනවාද අපේ ආණ්ඩුවක් ආවේ නැත්නම් පාතාලය ඔය විදියට අල්ලයි කියලා. පාලකයන්ගේ ගෝලයෝ අල්ලන්නේ නෑනේ සාමාන්‍ය යෙන්. දේශපාලනයත් එක්ක පාතාලය සම්බන්ධයි.දේශපාලනයත් එක්ක කුඩු සම්බන්ධයි.
දැන් මේ දවස්වල අල්ලන්නේ අපේ ආන්ඩුවෙන් ගෙනාපු කුඩු නෙවෙයිනේ. ඒකාලේ ගෙනාපුවානේ මේ විදියට අපි අල්ලන්නේ. ගොවිතැන්වලට වතුර නොදුන්නාට රටට කුඩු දීලා තියෙනවා හොදට. ලංකා ඉතිහාසයේ ගොඩබිමින් අල්ලපු ලොකුම වැඩිම කුඩු තොගය ඇල්ලුවේ ගිය සතියේ. පසුගිය මාසයේ අල්ලපු කුඩු තොයයේ වටිනාකම කෝටි 6000 පැනලා තියෙන්නේ. ඔය කුඩු ගෙනාවේ මේ රටේ තරුණ තරුණියන්ට බොන්න දීලා මත් කරලා මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න.
මම ඔබෙන් අහන්නේ මේ ආන්ඩුව වගේ ආන්ඩුවක් පත් නොවුනානම් අද කොයි වගේ තත්වයක මේ රට වෙලා තියෙයිද? ඔය පාතාලයවත් කුඩුවත් ඇල්ලෙන්නේ නෑ අපි අවේ නැත්නම්. මෙවැනි ආන්ඩුවක් ආපු ඒකේ වාසිය දැන් ජනතාවට ලැබෙමින් තියෙනවා. ජනතාව එහි ප්‍රථිඵල අත් විදිමින් තියෙනවා " යැයි ප්‍රකාශ කර සිටියෙය්.
මහියංගණ - රංජිත් කරුණාවිර