නුවරඑලිය නගර මධ්‍යයේ පදික වේදිකාවේ කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයන් පිරිසක් නුවරඑලිය මහ නගරසභාවේ නාගරික කොමසාරිස්වරයා ඉවත් කරන ලෙස බල කරමින් (30) දහවල් නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.
නුවරඑලිය නගර මධ්‍යයේ පදික වේදිකාවේ කාලයක් තිස්සේ ජීවනෝපාය ලෙස පදික වෙළදාම සිදු කරන බවත්, වත්මන් නුවරඑලිය මහ නගරසභාවේ නාගරික කොමසාරිස්වරයා පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු ඉවත් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවත්, ඒ සදහා තමන්ට විකල්ප ස්ථානයක් හෝ ලබා දී නොමැති බවයි විරෝධතාවයේ නියෑලී සිටි ව්‍යපාරිකයන් කියා සිටියේ.
නුවරඑලිය මහ නගර සභාවේ සභාපතිවරයා ඇතුලු වත්මන් පාලකයින්ගෙන් පදික වෙළදුම් සිදු කරන තමන්ට කිසිදු බලපෑමක් නොමැති බවත්, නුවරඑලිය මහ නගරසභාවේ නාගරික කොමසාරිස්වරයා පමනක් එයට විරුද්ධවන බවයි පීඩාවට පත් නුවරඑලිය නගරයේ පදික වෙළෙදුන් කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය මහ නගරසභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් කරුනු විමසීමට උත්සහ කලද එය ව්‍යර්ථ විය.