රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේදී ඔහු ගමන් ගත් මෝටර් රථයට පසුපසින් කළ සැකකටයුතු වාහනය තුළ මේ වසරේදී තම දරුවන් දෙදෙනා සමග වෙඩි තබා ඝාතනයට ලක්වූ විදානගමගේ අනුර ප්රියන්ත කුමාර නොහොත් කජ්ජා බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සැකකටුයුතු ලෙසට මෙම වාහනයට නගින පුද්ගලයා තමන්ගේ ස්වාමියා බවට හඳුනාගත හැකි බව මිය ගිය කජ්ජාගේ බිරිදද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ. ඒ අනුව නව සාක්ෂි ඍස්සේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බව පොලීසිය නිවේදනය කරයි.

