saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7365 hours ago

LATEST

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

calendar_today 2021 අගෝ 18 - 17:12 remove_red_eye - 1658  

අද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

ඌව පළාතෙන් අද (18දා) කොරෝනා ආදාධිත රෝගීන් 955ක් වාර්තා වූ බවත් ආසාදිතයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජයක් වන මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය (Mulgrave Cricket Club) සමගින් ගිවිසුම් ගතව ඇත.

Read More

රට වසා නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට වෘත්තිය සමිති කර ඇති ප්‍රකාශය දේශපාලනික අරමුණකින් සිදු කරන ප්‍රකාශයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.

Read More

කොළඹ ජාතික රෝහලේ හෙ හෙදියන් වෛද්‍යවරුන් ඇතුළු 265 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව සඳහන් වෙයි.

Read More

වෙළඳපොලේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් 6,000 ක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

කෙන්යාවේ නයිරෝබිහි නයෝ ක්‍රීඩා සංකීර්ණයේදී අද (18දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

Read More

මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් වෙත ශ්‍රී ලංකා පොලීසිය මගින් රුපියල් ලක්ෂ 25ක් මුදලක ප්‍රදානය කර තිබේ.

Read More

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට බංග්ලාදේශය විසින් ලබාදෙන මූල්‍ය පහසුකමේ කොටසක් මේ සතියේදී ලබාදීමට බංග්ලාදේශ කටයුතු කර තිබේ.

Read More

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ආරක්‍ෂිතව සිටින බවත්, ඔවුන් ලබන සතියේදී බොහෝදුරට ශ්‍රී ලංකාව බලා පිටත්ව යනු ඇති බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ඒ.සී.බී.) ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි පවසයි. තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගැනීමෙන් පසු එරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඊයේ (17දා) ඔහු මේ බව පවසා සිටියේය.

Read More

වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයන් සඳහා සැප්තැම්බර් 30 වන විට එන්නත් ලබාදීමට තීරණය කර තිබේ. ඒ් සඳහා අවශ්‍ය එන්නත් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වෙයි. සියිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන අය වෙනුවෙන් පාංශුකූලය ලබාදීමට තම සංවිධානය සූදානම් බව හෙළ බොදු සවිය සංවිධායේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ පවසති.

Read More

රනිල් වික්‍රමසිංහ ද පළපුරුද්ද හා දැක්ම අතින් කිසිවෙකුට සම කළ නොහැකි ඒ වගේ නායකයෙකි. නායකත්වය වඩාත් අවශ්‍ය අවිනිශ්චිත හා අවුල් සහගත කාලවලදී, බාධක බිඳ දමමින් අන් අයට උදව් කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දර්ශනය යි.

Read More

යුද හමුදාව අද දිනයේ ද ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් යරට වසා දැමීමක් සිදු නොකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 261 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2046 දෙනෙකු වාර්තා ඇත.

Read More

විදේශ විනිමය නොමැතිවුවහොත් ඖෂධ ගෙන්වීමට නොහැකි වනු ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නැවතුනහොත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව සැප්තැම්බර් මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව ම​හේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

Read More

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ලැබෙන ඉල්ලීම පරිදි එම ආයතනවල සේවකයින් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියි.

Read More

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 137,221 කට කොවිඩ් මර්දන එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙලද සංකිර්ණය ඉදිරිපිට තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද (18දා) දින සොයාගත් බව නාවලපිටිය පොලීසිය පැවසිය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය තුළ අමාත්‍යාංශ මට්ටමින් සෑම අමාත්‍යාංශයක්ම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (17) සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කළේය.

Read More

වව්නියාවේ සිට යාපනය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණා.

Read More

ටොසිලිෂුමාබ් නම් ඖෂධය මේ වන විට රටේ දැඩි හිඟයක් පවතින බවත් එය අසාධ්‍ය තත්ත්වයේ සිටින කොවිඩ් රෝගීන්ගේ අත්‍යාවශ්‍ය දිවි රැක දෙන ඖෂධයක් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

Read More

අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි ආරම්භ කර තිබුණත් පසුව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීම වෙනුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ තවත් ඔක්සිජන් ලීටර් 360000 අත්‍යාවශ්‍ය බැවින් මෙම යෝජනාව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබේ.

Read More

වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (18) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 55,173ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.