මහවැලි කලාප ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් ව්‍යාප්ති කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ගොවි ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කර රටේ ආර්ථිකය ද ඉහළ නැංවීම රජයේ අරමුණයි.
ඉදිරි කන්නයේ වගා කටයුතු සදහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට මහවැලි කලාප ආශ්‍රිතව දැවැන්ත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.
එය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් මහවැලි එච් කලාපයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට එක්ව සිටින ගොවි සංවිධාන නියෝජිතයින් දිරි ගැන්වීම හා දැනුවත් කිරීම මේ දිනවල සිදුවනවා. ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙනි.