saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6827 hours ago

LATEST

කටුනායක ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයන් 42ක්

calendar_today 2021 ජුනි 12 - 18:23 remove_red_eye - 110  

කටුනායක ප්‍රදේශයේ 06/12 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (13) සිට වැඩිම අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 03 ක ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.

Read More

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදන වල මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.‍

Read More

වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට ලබා දෙන මෙම එන්නත් මාත්‍රා ව්‍යාජ ලෙස ලබාගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් දෙකක් වයස අවුරුදු හතළිස් 45ක් යන වයස්වල දඹුල්ල නගරයේ පදිංචිකරුවන් බව පරීක්ෂණ පවත්වන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.

Read More

යුක්‍රේනයේ නිශ්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් ගුවන් යානා තුනක් යුක්‍රේනයේ අලුත් වැඩියා කිරීමෙන් පසුව නැවතත් ඊයේ (11දා) ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.

Read More

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කුණ්ඩසාලේ මහමෙවුනා අසපුව කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ‍සංවර්ධනය කර සෞඛ්‍ය අංශ වෙත භාර දීම කුණ්ඩසාල මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර ස්වාමීන් වහන්සේගේත් අනුශාසකත්වයෙන් (12) සිදුවිය.

Read More

ගිනිගෙන මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවනවා ද යන්න සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට අද යාමට නියමිතය.

Read More

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (11) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 400 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 22,169 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අදදින උදැසන ලැබුන වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 198 දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 5744ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මෙරටින් ඊයේ (11) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

Read More

චීනයේ කැන්සිනෝ බයොලොජික්ස් ඉන්කෝපරේෂන් විසින් සංවර්ධනය කරන ලද තනි මාත්‍රාවකින් යුත් කොවිඩ්-19 එන්නත (කොන්විඩේසියා එන්නත) හදිසි භාවිතය සඳහා ආර්ජන්ටිනාව විසින් අනුමත කර තිබේ.

Read More

සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස (12) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

Read More

අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

’’අපි ගොඩාක් අසරණයි. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කළා. ඒත් අපි අසමත් වුණා. අම්මා ගිලන් රථයේ සිටියා. තාත්තා රෝහලෙන් එළියට ආවා. පසුව ඔහු ඇයව දුටුවා. ඔහු ඇස් පහත් කළා. ඔහු කිසිවක් කීවේ නැහැ’’ දේවිකාට ඇගේ තාත්තා, අම්මා ගැන නිතර පවසන, ’’ඔබ නැතිව නම්, ජීවත් වෙලා කිසිම සතුටක් නැහැ.’’ යන වදන් සිහිවිය.

Read More

නීති විරෝධී මත්පැන් පෙරීමට යාමේදී එම බැරලයක් පුපුරා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තොග වෙළදාම සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරුණා.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 1027 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මහජනතාවගේ කතා කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස සහ විරුද්ධ වීමේ හා එකඟ නොවීමේ නිදහස ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමගින් තමන්ද ඉන්ධන මිල ඉහළ නංවන බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.

Read More

“92 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 20කින්ද, 95 ඔක්ටේන් රු. 23කින්ද, ඔටෝ ඩීසල් රු. 7කින් ද සුපර් ඩීසල් රු. 12කින්ද, භූමිතෙල් රු. 7කින්ද මිල ඉහළ නැංවීමට නියමිතය. පොහොට්ටුව ආණ්ඩුව පිළිබඳ ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. ඔබට රාජ්‍ය පාලනය සිදුකළ නොහැකි නම් ඒ බව ප්‍රකාශ කරන්න. සමගි ජන බලවේගය විසින් සමෘද්ධියේ හා සංවර්ධනයේ යුගයක් උදා කරනු ඇත.”

Read More

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අද (11දා) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

Read More

පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පරල් නෞකාවෙන් පරිසරයට වූ හානිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පැමිණි එංගලන්ත විශේෂඥ කණ්ඩායම අද මීගමුව වෙරළේදී සිය කටයුතු සිදු කළේය.

Read More

ජනතාව සඳහා කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.