කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර අද (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් ව ඇතැයි වාර්තා වෙයි.
යුගදනවි බලාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ද විමල් වීරවංශ ඇමතිවරයා මුලින් විමසා ඇත. එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම ආයෝජකයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පමණ ආයෝජන මෙරටට ලැබෙන බවයි.
මෙහිදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෙන්වා දී ඇත්තේ බලාගාරයේ කොටස් පැවැරීම ගැටලුකාරී බවයි.
මෙම සාකච්ඡාවේදී ඉදිරි අයවැය,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සහ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇත.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා යුගදනවි බලාගාරය සම්බන්ධ ප්රශ්නය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ ,ඩග්ලස් දේවානන්ද , ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, සාගර කාරියවසම් , වීරසුමන වීරසිංහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගි වූහ.
අජන්ත අඟලකඩ