ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 1175 ක් මන්නාරම සහ යාපනය වෙරල තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම වංකාලෙයි මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී උර 12 ක සඟවා තිබූ වියලි කහ කිලෝ 805 ග්රෑම් 400ක ප්රමාණයක් මෙලෙස සොයාගනු ලැබීය.
තවද උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් යාපනය ගුරුනගර් ප්රදේශයේ 22වනදා සිදුකල සෝදිසි මෙහෙයුමකදී ධීවර යාත්රාවක් තුල සඟවා තිබූ උර 07 ක වියලි කහ කිලෝ 369 ග්රෑම් 650 ප්රමාණයක් සොයාගනු ලැබීය.
මෙම වියලි කහ තොගයන් ඉන්දියාවේ සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් නාවික හමුදා මුර සංචාරයන් දැක වියලි කහ තොගයන් රැගෙනයාමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් වියලි කහ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකෙරෙන තුරු නාවික හමුදාව භාරයේම තැබීමට පිවර ගෙන ඇත.