කොවිඞ් වසංගතයේදී අවසානයට වැසිය යුතු සහ මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේය.
ජාත්‍යන්තර ගණනය කිරීම් අනුව පහළ පන්තිහි දරුවන් අතින් රෝගය බෝවීම අවම මට්ටමක පවතින බවත් පාසල් මගින් රෝගය බෝවීම ආපන ශාලා සහ අනෙකුත් ආයතන සමග සැසඳීමේදී අවම තත්ත්වයක පවතින බවත් මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
දරුවන් වෙත එන්නත් ලබාදීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිදු බියක් නොවීය යුතු බවත් මේ වන විට ලෝකයේ රටවල් රාශියක් දරුවන් වෙත එන්නත් ලබාදී ඇති හෙයින් එම නිරීක්ෂණ අනුව එන්නත්කරණයේ කිසිදු අහිතකරභාවයක් නොමැති බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.