දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදානම අඩු වී නැති නිසා ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
දිනකදී වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කළ පමණින් මුහුණු ආවරණ නිසි පරිදි නොපැළඳ, සමාජ දුරස්ථභාවය නොරකිමින් කිසිවෙකුට නිදැල්ලේ හැසිරිය හැකි වාතාවරණයක් තවමත් මෙරට නොමැති බව කී වෛද්‍ය හේරත් ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන්නේනම් නැවත කොරෝනා රැලි මතු වීම නොවැළැක්විය හැකි වනු ඇති බව සඳහන් කළේය.
අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන්නන්ද එම සෞඛ්‍ය පිළිවෙත් නිසි ලෙස පිළිපැදිය යුතු බව ද නිකුත් කර ඇති සෞඛ්‍ය මර්ගොපදේශමාලාවන්ට අනුකූලව සිය කටයුතු පවත්වාගෙන යා යුතු බව ද ඔහු සඳහන් කළේය.
සෑම විටම පොදු ස්ථානවලට යෑමේදී නාසය හා මුඛය ආවරණය වන සේ මුහුණු ආවරණය නිසි පරිදි පැළඳීම, එකිනෙකා අතර මීටර් 2ක දුරස්ථභාවයක් පවත්වාගැනීම මෙන්ම සබන් හෝ විෂබීජනාශක දියරයක් (සැනිටයිසර් )යොදාගෙන හොඳින් දැත් සෝදා ගැනීම යන පිළිවෙත් නිරතුරුව අනුගමනය කිරීමට ජනතාව මෙහිදී කටයුතු කළ යුතු බව ද වෛද්‍ය හේරත් පැවසීය.