විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් ඇරඹි කේන්ද්‍රිය මධ්‍යස්ථානය විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සිදුකිරීමට සහාය දීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙයට සමගාමීව ආබාධ සහිත ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා විශේෂයෙන් සකස් කළ යෙදවුම දියත් කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අදට යෙදෙන ලෝක සංඥා භාෂා දිනය මූලික කර ගනිමින් මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම ද විශේෂත්වයක් වේ.
උත්සවය අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ, අද දිනය ආබාධ සහිත සහෝදර ශ්‍රී ලංකා ප්‍රජාවගේ අහිමි වී තිබූ මූලික අයිතියක් නැවත ලබා දීමේ මානුෂීය සංග්‍රාමයේ හැරවුම් ලක්ෂය බවයි. සන්නිවේදන අවකාශය තුළ කිසිවකුගේ සිත් නොරිදෙන පරිදි භාෂාව හැසිරවිය යුතු බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

