saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6471 hours ago

LATEST

සූර්යබලයෙන් 4800MW - සුළං බලයෙන් 3500MW වෙනුයෙන් කැබිනට් අනුමැතිය

calendar_today 2021 සැප් 02 - 11:38 remove_red_eye - 447  

වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමේ ප්‍රගතිශීලී පියවරක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් යෝජනා කැදවීමට කටයුතු කරන බව සූර්යබල, සුලං ස

මෙම මස 07, 08, 09 සහ 10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ඇපල් යන නමින් දෙස් විදෙස් හි ප්‍රසිද්ධයට පත්ව ඇති රාගල පෙයාර්ස් අස්වනු නිසි මිලකට විකුණා ගත නොහැකිවීම හේතුවෙන් තම අස්වනු මේ දිනවල හරකුන්ට කෑමට ලබාදීමට පියවර ගෙන ඇතැයි රාගල පෙයාර්ස් ගොවියෝ පවසති.

Read More

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම හිමිකරගත් යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5ක ත්‍යාග මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තිරණය හෙට ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

Read More

අද (02) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 416කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 140 දෙනෙකුට අගෝස්තු මාසය තුලදි පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 621 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ජනගහනයෙන් 90%කට වැඩි ප්‍රතිශක්තියක් ලබාදීමේ ව්‍යාපාරයේ කොටසක් ලෙස කියුබාව නව යොවුන් වියේ පසුවන ළමයින්ට සහ කුඩා දරුවන්ට එන්නත් ලබාදීම ආරම්භ කරන බව නිවේදනය කරයි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට ආරම්භ වෙයි. සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහු​ගේ යූටුයිබ් නාලිකාවේ වීඩියෝවක් මගින් ඔහු​ගේ කණ්ඩායම නම් කර තිබිණි. ලසිත් මාලිංග විසින් නම් කර කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් හිමිව නැහැ.

Read More

ජනතාව නිසි ආහාරපාන නොමැතිව පිඩා විදින අවස්ථාවක ඇවිදින මංතිරු සැකසිම කළ යුතුද යන්න පිළිබදව ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වන චන්දිම විරක්කොඩි මහතා ප්‍රශ්න කරයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත වෛරස් මර්දනය කිරීමේ උපායමාර්ග ලිහිල් කරමින්, වෛරසය සමග ජීවත් වීමට සූදානම් වුවත්, ඉහළ එන්නත් අනුපාතයක් සහිතව වුවද රජයේ නැවත විවෘත කිරීමේ සැලසුම්වලට මුහුණ දීමට රටේ රෝහල් පද්ධතිය තවම සූදානම් නැති බව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරු අනතුරු ඇඟවූහ.

Read More

​රට තුල සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දකුණු අප්‍රිකානු කොවිඩ්වෛරසය නව ප්‍රභේදය ලංකාවට ඇතුළු විමේ සම්භාවිතාවක් ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

උද්භිද උද්‍යාන සංරක්‍ෂණ ජාත්‍යන්තරයේ මහ ලේකම් පෝල් ස්මිත් නිවේදනයක් නිකුත් කරමින්, ’’මෙම වාර්තාව මගින් ගස්වලට උපකාර අවශ්‍ය බව ලොව පුරා සිටින සෑම කෙනෙකුම අවදි කරන ඇමතුමක් ලබාදෙනවා.’’ යැයි පැවසීය. තනි වෘක්ෂ විශේෂයක් වඳ වී යාමෙන් තවත් බොහෝ ජීවීන් අහිමි වීමට හේතු විය හැක.

Read More

ඊයේ (31) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍215 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 167 දෙනෙකු අයත්.මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ආසාදන සංඛ්‍යාවේ යම් පහළ වැටීමක් දැක ඉන්දුනීසියාව සහ තායිලන්තය කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා වූ සීමා ලිහිල් කිරීමට කටයුතු කළත්, එන්නත් කිරීමේ අනුපාතය තවම පහළ මට්ටමක පවතින හෙයින් නව ආසාදන අවස්ථා ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.

Read More

රජය භාරයට ගත් සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික වෙළඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

Read More

දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට අද (01) උපදෙස් ලබා දුන්නේය.

Read More

එලැඹෙන සීත කාලයේදී වියහැකි කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම වැළැක්වීම සඳහා දැන් සිටම සූදානම් වීමේ පියවරක් ලෙස වැඩිහිටියන් සහ අවදානම් සහිත පුද්ගලයන් සඳහා කොවිඩ්-19 තෙවැනි මාත්‍රාවක් ලබාදෙන රටවල් කිහිපය අතරට ජර්මනියද එක්ව තිබේ.

Read More

යාපනය කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරිහු පවසති.

Read More

කොවිඩ් - 19 පාලනය සදහා මේ වන විට රජය හා සෞඛ්‍ය අංශ ගෙනයනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය (International Medical Health Organization (IMHO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද දින (01) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කෙරිණි.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතුයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

සීනි සහ සහල් සඳහා හෙට (02) සිට මිල පාලනයක් හඳුන්වාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

පුළුල් වාමවාදී පෙරමුණක් බිහි කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව සඳහා ශුද්ධාසනයේ නියෝජිත (වතිකානු තානාපති) බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා ඊයේ ( 31) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා.

Read More

ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (2021.09.02) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

Read More

එළැඹෙන අයවැයේ දී ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව පියවර කිහිපයක් යටතේ ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ඒ සම්බන්ධයෙන් ලබාදිය හැකි සාධාරණම විසදුම බව අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.