අද පස්වරු 5.30 -9.30 අතර කාලයේදී දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය කියයි.
විදුලිය නිෂ්පාදනයට අවැසි දැවි තෙල් නොලැබීමේ ගැටලුවක් මේ සඳහා බලපා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
දැවි තෙල් ලබාගැනිම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල් නොගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට දැවි තෙල් සැපයීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුණ බවට තොරතුරු වාර්තා විය.
ඒ් අනුව දැවි තෙල් සැපයීමේ ප්‍රමාදය හේතුවෙන් විදුලි බල මණ්ඩලය මෙසේ පැයක කාලයක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරිමට තිරණය කර තිබුණි.
කෙස් වෙතත් පසුව තොරතුරු වාර්තා වූයේ විදුලි බල මණ්ඩලයට දැවි තෙල් සැපයිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකග වි ඇති බවයි.
විදුලි බල මණ්ඩලයට දැවි තෙල් සැපයීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශයට විශාල මුදලක් ලැබිය යුතු වෙයි.
විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන් වෙත විදුලිය සපයන්නේ මුදල් අයකර ගනිමිනි.
