ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී තිබේ.
මේ අනුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් විශ්‍රාම ගැනිමට තීරණය කිරීමේදී ඒ බව මස තුනකට කලින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතු වෙයි.
විශ්‍රාම ගන්නා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදෙස් ලීග සඳහා අවසර දීමේදී ඔහු විශ්‍රාම ගත් දිනයේ සිට මාස හයක කාලයක් සලකා බලන බව ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදි මෙම තීරණ ගෙන තිබේ.