පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
වත්තල මාබෝල ප‍්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් සීනි මෙටි‍්‍රක් ටොන් 4800ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අද සිය භාරයට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර ඊයේ (31) පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය.
Read Moreයාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.
Read Moreබන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නිතිය අස්සේ මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් එකොළොස් දෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.
Read Moreඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා ඉකුත් අගෝස්තු මස 12 වැනි දින මහනුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා අද (01) නැවතත් සිය ගම්බිම් බලා පිටත්වීමට සඳහා දළදා මාළිගාව පරිශ්‍රයෙන් ගමන් ඇරඹීය.
Read Moreදිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (31) පුද්ගලයින් 511,142 කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 41,166 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව 442,237 කට ලබාදී ඇති බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව 4,018 කට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 485 කට ලබාදී ඇති බවට වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
Read Moreසිංහරාජය ආසන්නයෙන් ලංකාගම නෙලුව දක්වා මාර්ගය පරිසරයට හානි නොකර ඉදි කළ බවත් එහි වැඩ කටයුතු 98% ක් අවසන් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු පවසයි.
Read Moreබාලවයස්කාර 17හැවිරිදි පාසල් සිසුවෙකු හා 13හැවිරිදි පාසල් ශිෂ්‍යාවක තම නිවෙස් වලින් 30වන දින සිට අතුරුදහන් වී ඇති බවට ලැබුණ පැමිණිලිලකට අනුව එම දෙපළ සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
Read Moreදිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළෙදාම සඳහා විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළේය.
Read Moreඅගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreජාත්‍යන්තර නීතිය අනුව නැවක් එක් වරායක සිට තවත් වරායකට එන විට එම නැව තුළ එකතුවන දැවිතෙල් අවසන් වරාය විසින් බාර ගත යුතුය. එමෙන්ම එම රටට සිදුවන පාරිසරික හානිය හේතුවෙන් අදාල නැව විසින් යම් මුදලක් වන්දියක් වශයෙන් අදාල රටට ගෙවිය යුතුය. එහෙත් අපේ රටේ මෙතෙක් සිදුව ඇත්තේ නැව්වලට මුදල් ගෙවා ඔවුන් බැහැර කරන අපද්‍රව්‍යයක් වන දැවිතෙල් මිල දී ගැනීම බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද පෙරවරුව දක්වා වූ පැය විසි හතරක් තුල නව ආසාදිතයින් 440දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ආසාදිතයින් 55,547ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreඅද (01) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 491 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරිම හේතුවෙන් පුද්ගලයින් 625ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.
Read Moreමෙම විදේශ විනිමය ලැබීම් රටේ දළ නිල සංචිත වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, මෙමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ තුළ ද්‍රවශීලතා තත්ත්වයන් තවදුරටත් පහසු කිරීමට මහ බැංකුවට ඉඩ සැලසෙන බව කියයි.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධව විමර්ශනයක් සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන දැනුම්දී තිබූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා පැමිණ නැත.
Read More2021 වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංග්ලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබී තිබේ.
Read Moreඅධි අවධානම් කොවිඩ් ආසාදිතයන්ට හදිසි භාවිතය සඳහා රටවල් ගණනාවක් අනුමත කර ඇති රීජන් කොව් (REGEN-COV) නැමති ප්‍රතිදේහ ජනක ඖෂධය මෙරටට ගෙන්වීමට හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreබොහෝ ධනවත් රටවල් දැනටමත් සම්පුර්ණයෙන්ම එන්නත් කර ඇති අයට තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදෙන අතර, ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට ඇහුම්කන් නොදෙන බවක් පෙනෙන්නට තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත වු දරුවන්ට වැළදෙන එම්.අයි.එස් - සී නැමැති රෝගි තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 194ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (30දා) තහවුරු කර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලින් පෙන්නුම් කරන්නේ එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර වෛරසය පැතිරීම හේතුවෙන් රෝහල්ගත වීම 16 ගුණයකින් වැඩි වී ඇති බවයි.
Read Moreදිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු ඉතා කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකවැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (30) පස්වරුවේ උපදෙස් ලබා දුන්නේය.
Read More