saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 6281 hours ago

LATEST

චීනයෙන් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් නේපාලයට

calendar_today 2021 නොවැ 03 - 18:20 remove_red_eye - 121  

එක් තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ කොවිඩ්-19 එන්නත් සහ හරිත සංවර්ධනය පිළිබඳ සහයෝගීතාවට අදාළ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලය සමග වැඩ කිරීමට චීනය සූදානම්.

සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් හය දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Read More

වනාන්තර තුළ පවතින දේයට ආවේණික නොවන පරිසරයට හිතකාමී හානිකර වගාමන් ඉවත්කර නැවත දේශයට ආවේණික වන වගාවන් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් වනාන්තර කිහිපයක් ආශ්‍රිතව මෙම ඔසු වන උයන් පිහිටුවිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට නැංවීමට නියමිතය.

Read More

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර අබුඩාබි T 10 ලීග් තරගාවලිය සදහා එක් වන නවතම කණ්ඩායම වන චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට මිලදී ගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය.

Read More

සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ කොවිඩ් පැතිරිම යම් ආකාරයකට වැඩිවි ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

Read More

පසුගිය වසරේ දී ජැෆ්නා කණ්ඩායම නියෝජනය කළ පාකිස්තානයේ ෂොයිබ් මලික් හා උස්මාන් ශින්වාරි සිය කණ්ඩායමේ රදවා ගන්නා බවයි කිංග්ස් කණ්ඩායම නිවේදනය කර සිටියි.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

Read More

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

Read More

වැටුප් ගැටලුවට විසඳන ලෙස ඉල්ලමින් ගුරු - විදුහල්පත්වරුන් පවත්වන විරෝධතාවට සහාය දක්වමින් දෙමාපියන්ද අද දිනයේදී විරෝධතා පැවැත්වීය. ගුරුවරුන් සමග එක්ව දිවයින පුරා මෙම විරොධතා පැවැත්වීය.

Read More

දිපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පලාතේ සියළුම දමිළ පාසල් ලබන 05 දා නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප‍්‍රකාශයට පත් කර ඇත.

Read More

දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින් 20- 20 ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබේ.

Read More

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි.

Read More

අබලි ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම අද දිනයේද ස්ථාන රැසකදීම සිදු වනවා.

Read More

නැවතත් කොවිඩ් හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබන 5 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

Read More

හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යැමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Read More

සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා.

Read More

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ගිවිසුමට එරෙහිව සහ මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් පෝට්ට්‍රස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් අද (03) ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් තීරණ​ය කර තිබේ.

Read More

විමල් වීරවංශ අමාත්‍යවරයා ස​හ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ජනාධිපතිවරණය සඳහා තමන්ට හිතවත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ වැඩපිළිව​ක නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.

Read More

රජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.

Read More

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කළ තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් රටවල් සතු පේටන්ට් බලපත්‍රයකට වඩා සියලු ජනයාට හිමි අයිතියක් විය යුතු බව චීනය අවධාරණය කරයි.

Read More

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ (02) පෙරවරුවේ නීතිපති වෙත ලිපියක් භාර දුන්හ.

Read More

එල්පී ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Read More

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාදේශීය හමුදාවන් විසින් භූමිය අත්පත් කර ගැනීමට, අඩිස් අබාබා අගනුවරට ගමන් කිරීමට සලකා බලන බව පැවසීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වෙන Cop26 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන LTTE හිතවාදී කණ්ඩායම් විරෝධතාවක් සංවිධානය කර තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.