විදෙස් ගිනිඅවියක් සමග විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
විදෙස් රටක නිශ්පාදිත ගිනිඅවි දෙකක් සහ ජීව පතුරොම් සමඟ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ(7) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයකු බව පොලිසිය සඳහන් කරයි.
හම්බන්තොට ප්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා මීගවයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බන්තොට සමරකෝන් වැව පිටුපස කුඹුරක වාඩියක සඟවා තිබියදී විදෙස් රටක නිශ්පාදිත බෝර 12 වර්ගයේ පතුරොම් දමන ඩබල් බැරල් වර්ගයේ ගිනිඅවියක් , විදෙස් රටක නිශ්පාදිත තවත් ගිනිඅවියක්, එස්ජී වර්ගයේ ජීව පතුරොමක්, දේශීයව පුරවන ලද තවත් පතුරොම් 3ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ, පොලිස් සැරයන් වන උදයංග(19894), පොලිස් කොස්තාපල්වරුන් වන චමින්ද(68480), දේශාන්(68664), ලක්ෂාන්(82633), ප්‍රතාපසිංහ(79437) පොලිස් සැරයන් රියැදුරු නන්දසිරි(3505) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

