saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5946 hours ago

LATEST

ජනපතිට ’ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ’ ගෞරව නාමය පිරිනමයි

calendar_today 2022 ජන 02 - 19:27 remove_red_eye - 706  

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.

FIFA ලෝක කුසලාන හතරකට ක්‍රීඩා කර ඉන් දෙකක් බ්‍රසීලය වෙනුවෙන් ජයග්‍රහණය ලබාදීමට කටයුතු කර ඇති රොනාල්ඩෝ ඔහුගේ උච්චතම අවස්ථාවෙහිදී ලෝකයේ හොඳම ප්‍රහාරකයෙකු ලෙස සැලකුණි.

Read More

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා හෙටින් (03) ආරම්භ කිරීමට නියමිතය.

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අද දිනයේදී 15000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවෙන් මේ වන විට කෝවිඩ් මරණ 15 019ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදි තවත් මරණ 24ක් වාර්තා වීමත් සමගිනි.

Read More

නත්තල් නිවාඩුව වෙනුවෙන් නිවසට ගිය සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මේ ආකාරයෙන් කොවිඩ්-19 ධනාත්මක වී තිබේ. කෙසේ වෙතත් යළිත් ප්‍රංශයට යාමට අවසර දීමට පෙර ඔහුට සෘණාත්මක පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වනු ඇත.

Read More

අපි ආණ්ඩුවක් ලෙස මුලින්ම කාබනික ඝන පොහොර දුන්නා. ඊළඟට ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලෝරයිඩ් දුන්නා. දැන් නැනේ නයිට්‍රජන් ලබාදෙමින් යනවා.මේ පොහොර වර්ග හතරම ගොවියා භාවිත කරලා තියෙන්න ඕන. ඒ පොහොර වර්ග භාවිත කරලා ගොවියාගේ නිෂ්පාදනයට යම්කිසි අඩුවිමක් වෙලා තියෙනවනම් තමයි අපි වන්දි දෙන්නේ. ගොවියා මේ කිසිවක් භාවිත කරන්නේ නැතිව කටඇරගෙන හිටියට ආණ්ඩුවට වන්දි දෙන්න බෑ.

Read More

කොවිඩ්-19 අගුලු දැමීමේ පියවරයන්ට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි රැස්ව සිටි දහස් ගණනක පිරිසක් පළවා හැරීමට පොලීසිය සිය බලය පාවිච්චි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

තම බලය රැකගැනීමේ පටු අරමුණු වෙනුවෙන් අසත්‍ය චෝදනා එල්ල කරමින් තමන්ව බිත්තියට හේත්තු කරමින් ඔවුන්ගේ පටු අරමුනු ලබා ගැනීමට සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ කිසියම් වූ වෘත්තිය සමිතියක් උත්සාහ කරන්නේ නම් තමන්ගෙන් ඊට කිසිදු ඉඩක් නොලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ පැවැත්වන සමුළුවකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත වරක් ලබන සතියේදී ඉන්දියාවට යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

පැල්වත්ත සීනි සමාගමට අයත් පොහොර ගබඩාවකින් පොහොර මිටි 60කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බිමත්ව යතුරුපැදියක් පදවා අනතුරක් කළ බව කියන රුසියානු ජාතිකයකු අද (02) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.

Read More

දීමනා වරප්‍රසාද ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපිටත් අද ජීවත් වෙන්න අමාරුයි. අපිටත් ජීවත්වෙන්න අමාරුනම් සාමාන්‍ය ජනතාවට කොහොම ඇතිද කියලා අපිට තේරිලා තියෙන්නේ.

Read More

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි

Read More

මෙරට ගෑස් සැපයුම ප්‍රධාන සමාගම් දෙකක් මගින් පමණක් සිදු කිරීම හේතුවෙන් ඔවුන් ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටින බවත් සමාගම් අතර පවතින ව්‍යාපාරික අර්බුදය ගෑස් හිගයට හේතුවක් වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස රජය මුල් වී ගෑස් ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

Read More

විදේශ රටවලින් මෙරට අයෙකු හා ආවාහ හා විවාහ වෙන විට සිදු කළ යුතු නව නීති පිළිබඳව රජයේ රෙජිස්ටර් ජනරාල්වරයා නීති සම්පාදනය කර තිබෙන බවත් ඉදිරියේදී මෙරට විවාහ වන විට දරුවන් පස් දෙනෙකු සෑදිය යුතු බවට රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින උග්‍ර ඩොලර් අර්බුදය අපනයන කර්මාන්තයට බලපා ඇති බව අපනයනකරුවන් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙනඅක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් අපට හමුව විය

Read More

රට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික හා ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවාද නැත්ද පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙට (03දා) පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමේදි පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

2021 වසරේදී සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2419ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉකුත් වසරේදී මාරක රිය අනතුරු 2325ක් වාර්තා වී ඇති බවයි.

Read More

වසංගතය තුන්වැනි වසරට එළැඹෙන විට එක්සත් ජනපදය කොවිඩ්-19 දර්ශකවල නව වාර්තා කිහිපයක් පිහිටුවා ඇති පසුබිමක, 2022 දී වසංගතයේ යළි නැගිටීම ගැන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

Read More

පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01දා) සිට බලාත්මක වීමට නියමිතව තිබුණත් එම අනිවාර්ය කිරීමේ කාලසීමාව කල් දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

අභ්‍යවකාශයේ අලුත් අවුරුද්ද සැමරූ චීනයේ ප්‍රථම ගගනගාමීන් වන ෂායි ෂිගැන්ග්, වැන්ග් යැපින්ග් සහ යේ ග්වාන්ෆු ඔවුන්ගේ අලුත් අවුරුදු සුබ පැතුම් යවා විවිධ නගර තුනක පිහිටි විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.

Read More

රට වැසියෝ ගෑස්, කිරි, හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) ක් බව හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි

Read More

සුළං සහ සූර්ය බලශක්ති යටිතල පහසුකම් පුළුල් කිරීම මගින් 2030 වනවිට බලශක්ති ඉල්ලුමෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තිය සපුරාලීම ජර්මනියේ අරමුණයි.

Read More

කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රියේ වනවාසල දුම්රිය ස්ථානය අසළ මෝටර් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගාසා තීරයේ සිට සෙනසුරාදා එල්ල කරන ලද රොකට් දෙකකට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කළ බව විදෙස් වාර්තා පවසයි.

Read More

මේ වන විට පවතින ගෑස් හිගය උපරිම වශයෙන් තවත් සති තුනක පමණ කාලයක් පැවැතිය හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

Read More

දකුණු අප්‍රිකානු රට එහි ජාතික එන්නත් යෙදවීමේ සැලැස්මේ සිව්වැනි අදියර වෙත ගමන් කරන විට මෙම නිවේදනය පැමිණියේය. එනම් වයස අවුරුදු 12 සිට 17 දක්වා වූවන් ආවරණය වන පරිදි එරට සෞඛ්‍ය බලධාරීන් විසින් බූස්ටර් මාත්‍රා සැලැස්ම අනුමත කිරීමෙන් පසුවය.

Read More

රට මේ වන විට අර්බුද රාශියකට මුහුණ දෙමින් පවතින බවත් එයින් ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් සියලුම පක්ෂ එක්ව අවම වශයෙන් අවුරුදු 10ක වැඩපිළිවෙළකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සඳහා කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු නොවූ බවත්, ඒවැනි තිරණයක් ගෙන නොමැති බවත් ඒම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.