සංගීත සංදර්ශන පවත්වා ණය වූ රුපියල් ලක්ෂ 25 පියවා ගැනීමට නතර කර තිබු ගංජා ජාවාරම පටන්ගත් අයෙක් ගංජා ග්රෑම් 500ක් සමග කරන්දෙණිය මහගොඩදී සැකපිට ප්රශ්න කිරීම සදහා අද (7දා)අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.
මේ සමගම සැකකරු ගංජා ප්රවාහනය කිරීම සදහා ප්රයෝජනයට ගත් යතුරු පැදියක් ජංගම දුරකතනයක් හා ඒ අවස්ථාවේදී ගංජා අලෙවි කොට ලග තබාගෙන සිටි රුපියල් 16500ක මුදලක් ද අත් අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
පිටිගල හොරන්ගල්ල ප්රදේශයේ පදිංචි සැකකරු මිට කලින් ගංජා ජාවාරම සම්බන්ධයෙන් සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට පත්ව ඇති බවත් පිටිගල පොලිසියේ නිලධාරීන්ගේ ඉල්ලීම පිට මේ ගංජා ජාවාරම නතර කර ජීවත්වීම සදහා සංගීත සංදර්ශන පවත්වා ඇති බවත් පොලිසිය කියයි .
තමන් එසේ පැවැත්වූ සංගීත සංදර්ශනවලින් රුපියල් ලක්ෂ 25ක් පමණ ණයවී ඇති බව සැකකරු පැවසූ බවත් එම ණය මුදල පියවා ගැනීමට රුපියල් ලක්ෂ පහක් පොලියට ගෙන මේ ගංජා ජාවාරම ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරට පැවසු බවද පොලිසිය කියයි .
සැකකරු හෙට (8දා) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ .කරන්දෙණිය පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත