අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කල එළවලු අස්වැන්න දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවි මහතුන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවාද ඒවා අලෙවි කර ගැනීමට වෙළඳුන් නොපැමිණීම නිසා අද (08දා) ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ .
මෙදින උදෑසන හතරට පමණ වන විට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරිණි .අළුයම් කාලයේ වෙනදාට වඩා වැඩි එළවළු ප්‍රමා ණයක් ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් ඇති බව එහි වෙළෙඳුන් පෙන්වා දෙති.
ඒ 9 ප්‍ර ධාන මාර්ගයේ ගොවින් වාහන පෝලිමේ එළවලු තබාගෙන සිටින අයුරු දැකගැනීමට හැකිවූ අතර ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකි නිසාවෙනි .
එම එළවලු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත් වලින් වෙළෙන්දන් නොපැමිණීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමා ණයක් අලෙවි කර ගැනීමට හැකි වුව ද එළවළු විශාල වශයෙන් අලවි නොවන තත්ත්වයක් පවතින බව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් පැවසූහ.
ඉන්ධන හිග වීම නිසා පිට පලාත් වල වෙළෙන්දන්ට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබෙන බවත් වගාවේ නෙලාගත් අස්වැන්න කුඹුරේ වෙලේ හේනේ ගොවිපළේ තබා ගැනීම්ට නොහැකි නිසා මෙම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආ යුතු බව ගොවීන් පෙන්වා දෙති.
ඉහළ මිල ගණන් යටතේ අලෙවි වුණු බොහෝ එළවළු වර්ග සඳහා ගොවීන් මිල තීන්දු කළ ද ඒවා මිලදී ගන්නට කෙනෙකු නැති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති
රැගෙන ආ එළවළු අස්වැන්න වෙළඳසැල් ඉදිරිපිට ලොරි රථ මතම තබාගෙන ගොවීන් වෙළෙන්දන් එනතුරු මග බලා සිටින අතර එළවලු බොහොමයක මිල ඉතා අඩුවී වියදමහෝ පියවා ගැනීමට නොහැකි වී ඇතිබව ගොවින් කියති .
ඇතැම් ගොවින් දින දෙක තුනක කාලයක සිට අස්වැන්න තබාගෙන වෙලදපොලේ රැදී සිටින බවද දිනෙන් දින එළවලු මිල අඩුවී වාහන වලට කුලී ගෙවීමට සිදුව තිබෙන බව කියති.



